තලවකැලේ නිවසකින් කාන්තා මළ සිරුරක් තලවකැලේ, ලෝගී වත්තේ මිඩිල්ටන් කොටසේ නිවසක මිය ගොස් සිටි කාන්තාවක් හොර රහසේ මිහිදන් කිරීමට තැත් කිරිමේ දී පොලිස් හදිසි ඇමැතුම් අංශයට අද (28) ලැබුණු තොරතුරකට අනුව විශේෂ විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කර ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 28 March 2018
හොරෙන් වැලි ගොඩ දැමු තිදෙනෙක් අත්අඩංගුවට මහියංගන පුජානගරය ආසන්නයේ මහවැලි ගංගාව ආශ්රිත කළ හදිසි වැටලීමකදී වැලි ටිපර් රථ දෙකක් , ලෝඩරයක් සහ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි ගොඩදැමූ පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසයි. 28 March 2018
තංගල්ල ප්‍රාදේශිය සභාවේ නව සභාපති ලාලිත වනිගසේකර තංගල්ල ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලාලිත වනිගසේකර මහතා හා උප සභාපතිවරයා ලෙස අමිල මල්ලවරාජ් අබේසේකර මහතා අද(28) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 28 March 2018
දඹුල්ලේ පාසලක ගුරුවරු අමතර පන්ති පවත්වා මුදල් ගරති ගලේවෙල අධ්‍යාපන කළාපයට අයත් දඹුල්ලේ පාසලක තුන්වැනි ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සෑම පන්තියකම සවස් කාලයේදී විද්‍යාලයේ ගුරුවරු අමතර පන්ති පවත්වා මුදල් ලබා ගන්නා බවට දෙමව්පියෝ චෝදනා කරති. 28 March 2018
පලාගල ප්‍රා.සභාවේ ජය පොහොට්ටුවට පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු පලාගල ප්‍රාදේශිය සභාවේ සභපතිවරයා තේරීම අද (28) පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ ආර් .එම්.වික්‍රමසිංහ මහතා සභාපතිවරයා ලෙස තේරිපත් වු අතර උප සභපති ලෙස කළ පි.එල්.රසිදු මහතා තේරී පත්විය. 28 March 2018
මල්ලී දොර පළුවකින් පහරදීමෙන් අයියා මරුට බහින් බස්විමක් දුර දිග යාමෙන් පසු බාල සහෝදරයා වැඩිමල් සහෝදරයාට දොර පළුවකින් පහරදීමෙන් පසු වැඩිමල් සහෝදරයා මියගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය පවසයි. 28 March 2018
විසි වසරකට පෙර පියා මැරූ පලිය ගන්න කඩුවකින් කොටලා බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පුද්ගලයකු කඩුවකින් කපා කොටා බරපතල තුවාල සිදුකර ප්‍රදේශයේ පලාගොස් සිටි තිදෙනෙක් අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි. 28 March 2018
දිඹුලපතන ටිපර් අනතුරක් මහියංගනය සිට හැටන් ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අද (28) අලුයම හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, පතන හන්දිය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන කණ්ඩියක ගැටීමෙන් අනතුරට පත්ව ඇත. 28 March 2018
කිලිනොච්චියේ කොල්ල කල්ලියක් සොයා මෙහෙයුම් කිලිනොච්චිය පන්නංකට්ටිය ප්‍රදේශයේ නිවාස හා වෙළඳසැල් කොල්ල කෑමට පැමිණි පිරිසක් අද (28) අලුයම ගම්වාසීන් කොටුකර ගැනීමට සැරසීමේදී එම කල්ලිය පැමිණි යතුරුපැදියක් හා කඩු ආදිය දමා පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි. 28 March 2018
මහනුවර මහ නගර සභාවට පළමු වරට මුස්ලිම් මන්ත්‍රීවරියක් මහනුවර මහ නගර සභාවට පළමු වරට මුස්ලිම් මන්ත්‍රිවරියක් තේරී පත්ව සිටීන්නීය. 27 March 2018
තලවකැලේ ලිඳුල නගර සභාපති ස්වාධීන කණ්ඩායමකින් මෙවර පළාත් පාලන මැතිවරණයේදී කිසිදු පක්ෂයකට සියයට පනහක ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපති ලෙස ස්වාධීන කණ්ඩායමේ ඒ.අශෝක සේපාල මහතා අද රහස් ඡන්දයෙන් තේරීපත් විය. 27 March 2018
දොම්පේ දිස්ත්‍රික් රෝහලේ සේවක පුරප්පාඩු නිසා රෝගීන් අසීරුතාවක දොම්පේ දිස්ත්‍රික් රෝහලේ පවතින සේවක පුරප්පාඩු සදහා මෙතෙක් විසදුම් නොලැබීම නිසා රෝහලේ පළමු වාට්ටුව වසාදමා එහි රෝගීන් දෙවන වාට්ටුවට අනියුක්ත කිරීමට රෝහල් පාලන අධිකාරිය පියවර ගෙන ඇත. 27 March 2018
හපුතලේ ප්‍රා සභා බලයත් එජාපයෙන් ගිලිහෙයි එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හපුතලේ ප්‍රෙද්ශීය සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පී කේ කන්නා මහතා තේරී පත් විය. 27 March 2018
තිරප්පනේ ප්‍රා සභාපති ශ්‍රීලනිපයෙන් - එජාපයේ තිදෙනකුත් ඡන්දය දීලා ශ්රීලනිපය, එක්සත් ජාතික පක්ෂය සහ ලංකා මහා සභාව යන පක්ෂ තුන ආසන පහ බැගින් දිනාගත් තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රොෂාන් ප්‍රියදර්ශන ඉලංගසිංහ මහතා අද රහස් ඡන්දයකින් තේරී පත් විය. 27 March 2018
රඹෑව ප්‍රා. සභාවේ ජය පොහොට්ටුවට මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසු රඹෑව ප්‍රාදේශිය සභාව පළමු වතාවට අද (27) රැස් විය. 27 March 2018
අගරු චෙක්පත් දුන් තිදෙනකු අල්ලයි දිවයින පුරා පිහිටි වෙලද ව්‍යාපාරික ආයතන වලට ගොස් ගණුදෙනු කර විශ්වාසයක් ඇති වු පසු ගිණුමේ මුදල් නොමැති ව්‍යාජ චෙක් පත් දී රුපියල් ලක්ෂ ගණනින් භාණ්ඩ ලබා ගෙන විකිණීමේ ජාවාරමක නිරත වු බව කියන පුද්ගලයින් තිදෙනෙකු මාතර ගොඩගම ප්‍රදේශයේ නිවසකදී සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 27 March 2018
මන්නාරම් ධීවරයින්ට යළි මුහුදු යන්න අවසර මන්නාරමේ තෝට්ටවේලී ජොෂප්වාස් නගර් හා කට්ඩුවාන් ප්‍රදේශවල ධීවරයින්ට මසුන් මැරීම සඳහා මුහුදු යාමට පනවා තිබූ අධිකරණ නියෝගය මන්නාරම මහේස්ත්‍රාත් ඒ,එම්.ඇලෙක්ස් රාජා මහතා විසින් ඉවත් කර තිබේ. 27 March 2018
ආගරපතන ප්‍රා.සභාවේ බලය කම්කරු කොංග්‍රසයට පැවති පළාත් පාලන ආයතන මැතිවරණය පසු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කවුරුන්දැයි තීරණය කිරීම සඳහා පැවැති විවෘත ඡන්දයකින් අනතුරුව සභාපතිවරයා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ සුප්පිරමණියමි කදිර්සෙල්වන් මහතා තේරීපත්විය. 27 March 2018
ඇල්ලකින් පහළට වැටී දෙදරු පියා මියයි මිතුරන් තිදෙනෙකු සමඟ පිටබැද්දර හැව්ඕවිට දිය ඇල්ලේ දිය නෑමට ගිය දෙදරු පියෙකු අඩි 80 ක් පමණ උස එම ඇල්ලෙන් පහලට ඇද වැටී මියගොස් ඇතැයි පිටබැද්දර පොලීසිය පවසයි. 27 March 2018
ව්‍යාජ පන්දහසේ නෝට්ටුවක් සමඟ තරුණයෙක් සැකපිට පන්නල නගරයේ වෙදසලකට ගොස් ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටුවක් මාරු කිරීමට උත්සාහ කළ තරුණයකු අත්අඩංගුට ගෙන තිබේ 27 March 2018
මන්නාරමෙන් මිනිස් ඇටසැකිලි හමුවෙයි මන්නාරම් නගර ආසන්නයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පොළව හෑරූ පස් ගොඩක තිබී මිනිස් ඇටසැකිලි වලට සමාන වූ ඇටසැකිලි තොගයක් හමු වූ බව මන්නාරම් පොලීසිය කියා සිටියේය. 27 March 2018
රාජ්‍ය අමාත්‍යවරයාට බැනවැදුණ පුද්ගලයා අධිකරණයේදී වරද පිළිගනී විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුව සිටි සමයේ මත්තල ගුවන්තොටුපොල පරිශ්‍රයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදී අමාත්‍යවරයාගේ අතින් ඇද බැනවැදී සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනා එල්ල වු සැකකරු හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකොන් මහතා හමුවේ සිය වරද පිළිගත්තේය. 27 March 2018
වෙන්නප්පුවේ ඇළක ගිනි අවියක් වෙන්නප්පුව, සිරිගම්පල ප්‍රදේශයේදී ඇළ මාර්ගයක් පිරිසිදු කරමින් සිටි ගම්වාසීන් පිරිසකට මෙරට නිෂ්පාදිත වායු රයිෆල් වර්ගයේ ගිනි අවියක් හමු වි එය පොලිස් බාරයට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි . 27 March 2018
විදේශීය කතකට හදිකළ සුපවේදීයා කොටු ඇල්ල ප්‍රදේශයේදී අබුඩාබි සිට පැමිණ 31 හැවිරිදි විදේශීය කාන්තාවකට ලිංගික අතරව කළ බව කියන ඇල්ලේ සංචාරක හෝටලයක සූපවේදියෙකු අද (27) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි. 27 March 2018
අත්තනගල්ල මන්ත්‍රීවරු හිටපු ජනාධිපති ඉදිරියේ දිවුරති අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත්වුණු මන්ත්‍රීවරු පස්දෙනා එම පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා ඉදිරියේ අද (26) දිවූරුම් දුන්හ. ඒ හිටපු ජනාධිපතිනියගේ කොළඹ ටොරින්ටන් හි පිහිටි නිල නිවසේදීය. 26 March 2018
ට්රැක්ටරය පෙරළීමෙන් ප්‍රාදේශීය සභා සේවකයා මරුට පැලවත්ත නෙළුව මාර්ගයේ දී වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරයක් පෙරැළී මෙන් එහි ගමන්ගත් ප්‍රාදේශීය සභා කම්කරුවෙක් අද (26) මරුමුවට පත්ව ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි. 26 March 2018
මාවනැල්ලේ සභාපති එජාපෙන් - උප සභාපති සන්ධානයෙන් මාවනැල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය එක්සත් ජාතික පක්ෂයටත් උප සභාපති ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානටයත් අද හිමි විය. 26 March 2018
මැදවච්චිය ප්‍රා.සභාවේ සභාපතිධුරය කුසපත් ඇදීමෙන් පොහොට්ටුවට කුසපත් ඇදීමෙන් මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී එච්.එම්.සේනාරත්න මහතා අද (26) තේරී පත්විය. 26 March 2018
ත්‍රීරෝද රියේ ගැටී චීන කත මරුදකී දික්වැල්ලේ දී ත්‍රී රෝද රථයක ගැටුණු චීන ජාතික කාන්තාවක බරපතල තුවාල ලබා දික්වැල්ල රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය කියයි. 26 March 2018
බසය පෙරැළී 20 ක් රෝහලේ නාවලපිටියේ සිට තලවාකැලේ දක්වා ධාවනය වු බස් රථයක් මාර්ගය හරහා පෙරැළිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගීන් විසි දෙනෙකු පමණ තුවාල ලබා කොටගල ප්‍රාදේශි රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි. 26 March 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025