IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අගරු චෙක්පත් දුන් තිදෙනකු අල්ලයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දිවයින පුරා පිහිටි වෙලද ව්‍යාපාරික ආයතන වලට ගොස් ගණුදෙනු කර විශ්වාසයක් ඇති වු පසු ගිණුමේ මුදල් නොමැති ව්‍යාජ චෙක් පත් දී රුපියල් ලක්ෂ ගණනින් භාණ්ඩ ලබා ගෙන විකිණීමේ ජාවාරමක නිරත වු බව කියන පුද්ගලයින් තිදෙනෙකු මාතර ගොඩගම ප්‍රදේශයේ නිවසකදී  සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

ඔවුන් අදාල නිවස රුපියල් පනස් දහසක් මාසික කුලී පදනම මත ලබා ගෙන ව්‍යාපාරික කටයුතු මෙහෙයවන ස්ථානයක් මුවාවෙන් මහා පරිමාණයෙන් මෙම ජාවාරම කර ගෙන ගොස් ඇත.

නිවස  පරීක්ෂා  කිරීමේදී  සැකකරුවන් දෙදෙනකු   තාප්පයෙන් පැන යාමට උත්සාහ කළ  අවස්ථාවේ දී පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

එක් සැකකරුවකුට රුපියල් කෝටි 21 ක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් නඩු තුනක් පවතින බව පොලීසිය කියයි.


වැල්ලම්පිටිය සේදවත්තේ පදිංචි සැකකරුට වරෙන්තු 18 ක්  විවෘත වරෙන්තු 11 හා මුදල් වංචා පැමිණිලි 51 ක්ද  හෙයියන්තුඩුවේ පදිංචි සැකකරුට වරෙන්තු 12 ක්ද ලංකාවේ විවිධ ප්‍රදේශ වල උසාවි හා පොලීසි වල පවතින බවද පොලීසිය සඳහන් කළේය.


විදෙස්ගතව සිටින පුද්ගලයෙකුගේ බැංකු ගිණුමක් උපයෝගී කර ගෙන අත්සන් යොදා එම සැකකරුවන් මෙම ජාවාරම කර ගෙන ගොස් තිබේ. ඒ ආකාරයට මාතර දිස්ත්‍රික්කයේ වෙලද ආයතන රැසකින් ද ඔවුන් ව්‍යාජ චෙක්පත් දී රුපියල් ලක්ෂ ගණනින් වටිනා භාණ්ඩ ලබා ගෙන වංචා කර තිබෙන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී ඇත.


ලංකාවේ පොලිස් ස්ථාන රැසකට අවශ්‍යව සිටි බව කියන සැකකරුවන් තිදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 



අදහස් (0)

අගරු චෙක්පත් දුන් තිදෙනකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31609 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14002 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11092 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 170 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1101 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site