(චන්දන ප‍්‍රනාන්දු )
බණ්ඩිරිප්පුව ප‍්‍රදේශයේ පුද්ගලයකු කඩුවකින් කපා කොටා බරපතල තුවාල සිදුකර ප‍්‍රදේශයේ පලාගොස් සිටි තිදෙනෙක් අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ සිරිගම්පල හා බණ්ඩිරිප්පුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. සැකකරුවන්ගෙන් දෙදෙනෙකු නීතිඥයෙකු මාර්ගයෙන් බාර වි ඇති අතර අනෙක් පුද්ගලයාව සැඟව සිටියදි අත් අඩංගුවට ගෙන ඇත.
දින කිහිපයකට පෙර බණ්ඩිරිප්පුව වෙරළුගහ ප‍්‍රදේශයේදි සුරංග ප‍්‍රනාන්දු නැමති පුද්ගලයකු 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ තියුණු ආයුධවලින් කපාකොටා පලාගොස් ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
මෙයට විසි වසරකට පමණ පෙර වු මිනිමැරුමක් මෙම ගැටුමට මුල් වි ඇති බවත් එම මිනිමැරුමට සම්බන්ධ පුද්ගලයෙක් මෙලෙස කපා දමා ඇති බවට තොරතුරු අනාවරණය වු බව පොලීසය පවසයි.
තුවාලකරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබයි. තුවාල ලැබු තැනැත්තා විසින් අත්අඩංගුවට ගෙන සිටින එක් සැකකරුවෙක්ගේ පියෙකු ඝාතනයට ලක්වී ඔහු එයට සිර දඬුවම් විඳ සිට නිදහස්ව පැමිණි සිටියදි විසි වසරකට පෙර මියගිය තම පියාගේ මරණයට වගකියයුතු බව පවසා සැකකරුවකු මෙම පහරදීම සිදු කර ඇතැයි පරීක්ෂණ වලින් හෙළි වු බව පොලීසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
757
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විසි වසරකට පෙර පියා මැරූ පලිය ගන්න කඩුවකින් කොටලා