IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රඹෑව ප්‍රා. සභාවේ ජය පොහොට්ටුවට

(දයාරත්න ඇඹෝගම)

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසු  රඹෑව ප්‍රාදේශිය සභාව  පළමු වතාවට අද (27) රැස් විය.

අනතුරුව සභාපතිවරයා පත් කර ගැනීම සඳහා  ඡන්දයක් පැවැත්වු අතර  එහිදී  සභපති වරයා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ  ප්‍රසන්න තෙන්නකෝන් මහතා තේරීපත් වු අතර හා උප සභපතිවරයා  ලෙස එම පක්ෂයේ ම  එස්. සයිබු මහතා තේරී පත්විය.

මෙහිදී ශ්‍රී ලංකා  පොදු ජන පෙරමුණ ට ජන්ද නවයක් (09 ) ද එක්සත් ජාතික පක්ෂයට ජන්ද හයක්ද (06 ) ලැබුණි .  ඒ අනුව වැඩි ජන්ද තුනකින් ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ජය ගත්  අතර සභාපතිවරයා හා උප සභාපති වරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තේරී පත් විය. 

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ජන්දය දීමෙන් වැලකි සිටියහ.

මේ අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන ,හිටපු මහා ඇමති රංජිත් සමරකොන් හිටපු අමත්‍ය හා මැදවච්චිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක කේ.එච් නන්දසේන මහතා ඇතුළු විශාල පිරිසක්  සභාගිවුහ.



අදහස් (0)

රඹෑව ප්‍රා. සභාවේ ජය පොහොට්ටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 757 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site