IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දඹුල්ලේ පාසලක ගුරුවරු අමතර පන්ති පවත්වා මුදල් ගරති

(කාංචන කුමාර ආරියදාස)

ගලේවෙල අධ්‍යාපන කළාපයට අයත් දඹුල්ලේ  පාසලක තුන්වැනි ශ්‍රේණියේ  සිට පහ ශ්‍රේණිය දක්වා සෑම පන්තියකම සවස්  කාලයේදී විද්‍යාලයේ ගුරුවරු අමතර පන්ති පවත්වා මුදල් ලබා ගන්නා බවට දෙමව්පියෝ  චෝදනා කරති.

එක  දරුවෙකුගෙන් රුපියල් 500 ක මුදලක් අයකරගෙන පන්ති භාර ගුරු වරුන්ගේ නිවෙස්වල අමතර පන්ති පවත්වා මුදල් ලබා ගන්නා බවට මව්පියන්  කලාප අධ්‍යාපන  කාර්යාලයට මෙන්ම කොට්ඨාස  අධ්‍යාපන කාර්යාලයට ද දැනුම් දී තිබුණද මේ පිළිබඳව කිසිදු නිලධාරියකුගේ අවධානයක් යොමු වී නැතැයි ඔවුහු පවසති.

ලැබුණු  තෙරතුරු අනුව රහසිගත කැමරා ආම්පන්න ද රැගෙන එම විදුහලට ගිය ලංකාදීප කණ්ඩායමට  ඒ වන විට විදුහලේ ඉගෙනීම් කටයුතු අවසන් කර  සවස හතරත් පසුවී   ගුරුවරියන් තිදෙනකු සිසුන්ට අමතර ඉගැන්වීම් සිදු කරන අයුරු දැකිය හැකි විය.

ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටින එම ගුරුවරියන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී  ඔවුන් තිදෙනාම කිසිදු උත්තරයක්  නොදී එම ස්ථානයෙන් පිටව ගියාය.ඒ අතරතුරදී පංතිවල අධ්‍යාපනය ලබමින් සිටී කුඩා දරු දැරියන් ගෙන් මේ පිළිබඳව වීමසීමේදී ඔවුන් පවසා සිටියේ මසකට රුපියල් පන්සීයක මුදලක් මෙම අමතර පන්ති වෙනුවෙන් ගෙවිම් සිදු කරන බවයි.

එම අවස්ථාවේදී  ගුරුවරියක් පන්තියට පැමිණිම සමඟ දරු දැරියන්  නොසන්සුන්තාවට පත් වු අතර ඒ පිළිබඳව ඇයගෙන් විමසීමේදී කියා සිටියේ  පාසල් වේලාවෙන් අනතුරුව නිවෙස්වල පන්ති පවත්වනවානම් මුදල් අය කරන බවයි.

මේ පිළිබඳව දරුවකුගේ පියකුගෙන් කළ විමසීමකදී පැවසුයේ පස්වරුවේ පන්ති පැවැත්වීම සිදුවන බවත් එක දරුවෙකුගෙන් රුපියල් 500ක මුදලක් ගුරුවරුන් ලබාගන්නා බවය. කෙසේවෙතත් කුලී වැඩක් සිදු කොට හෝ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මුදල් ගුරුවරුන්ට ලබා දෙන බව හෙතෙම පැවසීය.

එම දෙමාපියන් නගන චෝදනාව එම අවස්ථාවේදීම  අධ්‍යාපනය ලබා දෙමින් සිටි ගුරුවරියන් තිදෙනාගෙන් විමසුවෙමු ඔවුන් තිදෙනා කියා සිටියේ දෙමාපියන් බලෙන් මුදල් එකතු කොට ලබාදෙන බවය.

 



අදහස් (0)

දඹුල්ලේ පාසලක ගුරුවරු අමතර පන්ති පවත්වා මුදල් ගරති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31609 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14002 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11092 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 170 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1100 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site