ජයවර්ධන දිසානායක
ශ්‍රීලනිපය, එක්සත් ජාතික පක්ෂය සහ ලංකා මහා සභාව යන පක්ෂ තුන ආසන පහ බැගින් දිනාගත් තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රොෂාන් ප්‍රියදර්ශන ඉලංගසිංහ මහතා අද රහස් ඡන්දයකින් තේරී පත් විය.
එම ප්‍රාදේශීය සභාවේ සංයුතිය තිබුණේ ශ්‍රීලනිපයෙන් මන්ත්‍රීවරුන් පස් දෙනෙකු, එජාපයෙන් මන්ත්‍රීවරුන් පස් දෙනකු, ලංකා මහා සභාවෙන් මන්ත්‍රීවරුන් පස් දෙනකු සහ ජවිපෙන් එක් මන්ත්‍රීවරයකු වශයෙනි.
ජනතා විමුක්ති පෙරමුණෙන් හැර සෙසු පක්ෂ තුනෙන්ම සභාපති ධුරයට නම් යෝජනා වූයෙන් රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය විය.
රහස් ඡන්දයේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටි අතර ශ්‍රීලනිපයේ නියෝජිතයාට ඡන්ද නවයක් ද, එජාපයේ නියෝජිතයාට ඡන්ද දෙකක් සහ ලංකා මහා සභාවේ නියෝජිතයාට ඡන්ද හතරක් ද ලැබිණි.
එජාපයේ මන්ත්‍රීවරුන් තුන්දෙනකු සහ ලංකා මහා සභාවේ එක් මන්ත්‍රීවරයකු තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයා තෝරා පත් කර ගැනීමට ඡන්දය ලබා දීම විශේෂත්වයක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd