සුජිත් හේවාජුලිගේ
අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත්වුණු මන්ත්‍රීවරු පස්දෙනා එම පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා ඉදිරියේ අද (26) දිවූරුම් දුන්හ. ඒ හිටපු ජනාධිපතිනියගේ කොළඹ ටොරින්ටන් හි පිහිටි නිල නිවසේදීය.
මෙසේ දිවුරුම් දුන්නේ අනුරාධ ගුණතිලක , ඉන්දික රාජපක්ෂ , සරත් වීරසිංහ , යමුනා සමරතුංග හා මොහොමඩ් නවුෆර් යන මන්ත්‍රීවරුන්ය.
මන්ත්‍රීවරු 5 දෙනා දිව්රුම් දීමෙන් පසුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මන්ත්‍රීවරුන්ගේ දේශපාලන කටයුතු සඳහා සුභ පැතුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd