අධිකරණ කාර්යාලයේ කාර්ය සහයකවරයෙක් රිමාන්ඩ්
නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට අයත් රුපියල් 223,916 ක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අධිකරණ කාර්යාලය කාර්ය සහයක නොවැම්බර් 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ දිසා අධිකරණයේ විනිසුරු එච්.එම්.ඩී.ආර්. විජයරත්න මහත්මිය අද (15) නියෝග කළාය.