ගණිකා නිවාසයක් වටලා අක්කා නගෝ අත්අඩංගුවට සුරියවැව නගරයේ ලැගුම් හලක් තුළ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා ගණිකා සේවයේ යෙදුණු අක්කා නගෝ දෙදෙනෙකු ඇතුළු තවත් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරියවැව පොලීසිය පවසයි. 15 June 2018
දෙල්තොට වැවක නාඳුනන කාන්තා මළසිරුරක් දෙල්තොට කන්දෙතැන්න වැවේ තිබූ නාඳුනන කාන්තා මළ සිරුරක් අද (15) දහවල් ප්‍රදේශවාසින්ට හමුවී තිබේ. 15 June 2018
මුල් මාස හයේදී කෝටි 5ක හොරායින් අල්ලයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ වසරේ මුල් මාස හයේදි හෙරොයින් කිලෝ 34 ක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 15 June 2018
ගම්පහ පොලිසියෙන් මව්පියන් දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදිවල දරුවන් රැගෙන යන මව්පියන් දැනුවත් කිරීමේ වැඩපිළිළෙක් ගම්පහ පොලිස් අධිකාරී කොට්ඨාසයෙහි අරඹා ඇත. 15 June 2018
ඇළට වැටී සිඟිත්තා මියයි ගල්නෑව ප්‍රදේශයට අයත් අවුකන මල්බලිගල ගම්මානයේ පදිංචිව සිටි වයස අවුරුදු එකහමාරක දරුවකු නිවස ඉදිරිපිට ඇති ඩී ඇළට වැටීමෙන් මිය ගොස් ඇත. 15 June 2018
දියේ ගිය තරුණයාගේ සිරුර හමුවෙයි කල්පිටිය - තලවිල මුහුදේ දිය නාමින් සිටිය දී පසු ගිය 12 දින අතුරුදහන් වූ තරුණයාගේ මළ සිරුර කල්පිටිය මුහුදු වෙරළ තීරයට ගොඩ ගසා තිබූ බව කල්පිටිය පොලිසිය පවසයි. 14 June 2018
ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ මාවතේ උද්ඝෝෂණයක් කොළඹ ග්‍රෑන්ඩ්පාස් දොස්තර බබාපුල්ලේ මාවතේ පෞද්ගලික ආයතනයක තාප්පයක් කඩා වැටීමෙන් මියගිය 7දෙනා වෙනුවෙන් සිද්ධිය වී මාස හතරකට වැඩි කාලයක් ගත වෙලත් කිසිදු සාධාරණයක් ඉටුවී නැතැයි පවසමින් මියගිය අයගේ පවුල්වල ඥාතීහූ පිරිසක් ඒ ආයතනය ඉදිරිපිටදී අද (14) උද්ඝෝෂණයක නිරත වූහ. 14 June 2018
රාජ්‍ය පරිපාලන කළමනාකරණ නියෝජ්‍ය ඇමැති වැඩ බාර ගනී රාජ්‍ය පරිපාලන, කළමනාකරණය හා නීතීය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා අද (14) කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවති අමාත්‍යංශයෙදී වැඩ භාර ගත්තේය. 14 June 2018
නුගවෙල අනතුරකින් මවත් දුවත් මරුට මහනුවර කුරුණෑගල මාර්ගයේ නුගවෙල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 26 හැවිරිදි මවක සහ ඇයගේ අවුරුදු දෙක හමාරක දියණිය එම ස්ථානයේම මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. 14 June 2018
තලාව ගම්වැසියෝ පාරට බසිති තලාව නවදගල අලිකැහේන මාර්ගය අලුත්වැඩියා කරදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් අද (14) තලාව මාර්ගයට හැරෙන හන්දියේ දි විරෝධතාවයක නිරතවුහ. 14 June 2018
ජලය ඉල්ලා උද්ඝෝෂණයක් මහවිලච්චිය මහවැවේ අඩු ජල ධාරිතාවයක් තිබියදී එම වැවෙන් කුඹුරු අක්කර 400 ක් පමණක් වගා කිරීමට විරෝධය දක්වමින් ගොවියන් පිරිසක් විසින් අද (14 ) දින ඔයාමඩුව හන්දියේදි දැවැන්ත උද්ඝෝෂණයක නිරත වුහ. 14 June 2018
නිධන් හැරූ තිදෙනෙක් අත්අඩංගුවට සෙවනගල හබරුගල මුලගිරි ආරණ්‍ය සේනාසනයේ නිදන් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (14) අලුයම අත්අඩංගුවට ගත් බව සෙවනගල පොලීසිය පවසයි. 14 June 2018
එප්පාවල අඹ සැකසුම් කලාපය විවෘත වෙයි එප්පාවල අඹ සැකසුම් කලාපය වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) විවෘත විය. 14 June 2018
වවුනියාව පැරණි බස්නැවතුම්පොළ අසල විරෝධතාවයක් විවිධ මූල්‍ය ආයතන මගින් වැඩි පොලී අනුපාත යටතේ ලබාදෙන ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් උතුරේ කන්තාවන් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින බවත් ඒ පිළිබඳ රජයේ අවධානය යොමු කරන ලෙසත් 14 June 2018
වාහන වලින් භාණ්ඩ සොරාගත් ආබාධිත රණවිරුවෙක් අත්අඩංගුවට මහ මඟ නවතා ඇති ත්‍රී රෝද රථවලින් භාණ්ඩ සොරකම් කරන ආබාධිත විශ්‍රාමික රණවිරුවෙකු බූස්ස පන්සල පාරේදී අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය පවසයි. 14 June 2018
වී මෝලක පිටුපස තිබු ගංජා ගස් සමඟ අයෙක් අත්අඩංගුවට දඹුල්ල කණ්ඩලම පාර දෙකේ කණුව ප්‍රදේශයේදී වී මෝලක් පිටුපස සිටුවා තිබූ විශාල ගංජා ගස් දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලිසිය කියයි. 14 June 2018
මහවැලි ගඟෙන් මළ සිරුරක් හමු වෙයි කටුගස්තොට නවයාලතැන්න ප්‍රදේශයේ දී මහවැලි ගඟේ පාවී ආ පිරිමි මළ සිරුරක් අද (13) සොයා ගත් බව පොලිසිය පවසයි. 13 June 2018
ගුල්ලන් සහිත පෝෂණමලු ගැබිණි මව්වරුන්ට දුන් සමුපකාරයකට නඩු ගැබිණි මවුවරුන් සඳහා රජය මඟින් ලබාදෙන පෝෂණ මල්ලට ගුල්ලන් සහිත පරිප්පු සහ කඩල බෙදාහැරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල විවිධ සේවා සමුපකාර සමිතියට එරෙහිව නඩු පැවරීමට ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ. 13 June 2018
ආගරපතනේ ගින්නකින් වතු නිවාස 12 කට හානි ආගරපතන, බැල්මොරල් වත්තේ වතු නිවාස පෙළක අද (13) හට ගත් ගිනි ගැනීමකින් වතු නිවාස 12 ක් ගිනිගෙන විනාශයට පත්ව ඇතැයි ආගරපතන පොලීසිය පවසයි. 13 June 2018
පුල්ලුමලෛ ජල නිෂ්පාදනාගාරය වසන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් මඩකලපුව පුල්ලුමලෛහි ඉදිවෙමින් පවතින ජල නිෂ්පාදනාගාරය වසාදමන ලෙස ඉල්ලා අද (13)මඩකලපුවේ උද්ඝෝෂණයක් හා විරෝධතා රැළියක්ද ඇරඹුහ. 13 June 2018
රාත්‍රී මුර සංචාරයේ යෙදුණ උප පොලිස් පරීක්ෂකට පිහි පාරක් ජංගම පොලිස් මුර සංචාරයේ යෙදුණු හගුරන්කෙත පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට ඊයේ (12) රත්‍රියේ රිකිල්ලගස්කඩ නගරයේදි හගුරන්කෙත ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ මාමා කෙනෙකු එල්ල කළ පිහි පහරකින් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා මහනුවර මහ රෝහලට ඇතුළු කර තිබේ. 13 June 2018
අඹගස්වැව පෙදෙසේ පිරිසක් අනවසරෙන් කුඹූරු කරතියැයි ගම්මුන්ගෙන් චෝදනා මැදිරිගිරිය අඹගස් වැව ජලය පවතින ප්‍රදේශය තුළ අනවසරයෙන් පිරිසක් කුඹුරු කරන බවත් ඒ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නත් මෙතෙක් කිසිදු පියවරක් නොගෙන ඇති බව අඹගස්වැව මහසෙන් ගොවි සංවිධානය සහ එක්සත් ගොවි සංවිධානය කියයි. 13 June 2018
අඹගස්වැව පෙදෙසේ පිරිසක් අනවසරෙන් කුඹූරු කරතියැයි ගම්මුන්ගෙන් චෝදනා මැදිරිගිරිය අඹගස් වැව ජලය පවතින ප්‍රදේශය තුළ අනවසරයෙන් පිරිසක් කුඹුරු කරන බවත් ඒ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නත් මෙතෙක් කිසිදු පියවරක් නොගෙන ඇති බව අඹගස්වැව මහසෙන් ගොවි සංවිධානය සහ එක්සත් ගොවි සංවිධානය කියයි. 13 June 2018
පාරක් හදා දෙන්නැයි උද්ඝෝෂණයක් අඹගමුව ප්‍රදේශිය සභාව යටතේ පාලනය වන ගිනිගත්හේන පේරගොල්ල මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා එම මාර්ගය දෙපස ගම්මාන පහක පදිංචිකරුවෝ අද(13) උද්ඝෝෂණයක නියැලුණහ. 13 June 2018
රෝගී වී සිටි අලි පැටවෙක් කරුවලගස් වැව වනජීවි කාර්යාලයට කුඩා මැදවච්චිය ප්‍රදේශයේ රෝගීවී සිටි අලි පැටවකු කරුවලගස්වැව වනජීවී කාර්යාලය අසලට රැගෙන ඒමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (12) රාත්රියේදී කටයුතු කළේය. 13 June 2018
කල්අඩියේ යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට යතුරු පැදි දෙකක් ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් එක් අයකු මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි. 13 June 2018
අකුරණදී සහජීවනය වෙනුවෙන් ඉෆ්තාර් උත්සවයක් අලවතුගොඩ පොලීසිය ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම අරමුණු කරගෙන සංවිධානය කළ මුස්ලිම් ජනතාවගේ උපවාස සීලය අවසන් කිරීමේ ඉෆ්තාර් උත්සවයක් අද (12) අකුරණ ප්‍රාදේශිය සභා කාර්යාලයේදී පැවැත්විණ. 12 June 2018
ගාල්ල නගරයට ඇවිදීමේ මංතීරුවක් ලෝක බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක වන උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස ගාල්ල නගරය වටා දිවෙන ඇවිදීමේ මංතීරුව හෙවත් සමුද්‍ර පියවර (Ocean path way) සකස් කිරීමේ ආරම්භක උත්සවය අද (12) ගාල්ල වෙරළ උද්‍යානය අසලදී පැවැත්විණි. 12 June 2018
ජීවිත අවදානමද නොතකා කලා වැවේ චණ්ඩියාට වනජීවී නිලධාරීගෙන් ප්‍රතිකාර කලා වැව් තාවුල්ලේ චණ්ඩියා ලෙස හැඳින්වෙන දීඝජන්තු දෙක නැමැති දල ඇතාගේ ඉදිරි පාදයට වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල වලට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීහු අද (12) සමත්වූහ. 12 June 2018
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක් විද්‍යා ධාරාවට අමතරව කලා හා වාණිජ විෂයන් ගෙන්ද හෙද සේවයට බඳවා ගැනීමට රජය ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවක් අද (12) පැවැත්විණි. 12 June 2018
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026