IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වවුනියාව පැරණි බස්නැවතුම්පොළ අසල විරෝධතාවයක්


 
සිතුම් චතුරංග
 
විවිධ මූල්‍ය ආයතන මගින් වැඩි පොලී අනුපාත යටතේ ලබාදෙන ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් උතුරේ කන්තාවන් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින බවත් ඒ පිළිබඳ රජයේ අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා වවුනියාව නැවත පදිංචි කළ ජනතාව හා සිවිල් සංවිධාන අද (14) වවුනියාව පැරණි බස්නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතවක නිරතවූහ.


වැඩි පොලී අනුපාත යටතේ ලබාගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් උතුරේ කාන්තාවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල වශයෙන් සියදිවි හානිකර ගැනීමේ සිද්ධීන් වාර්තා වන එම සිදුවීම් පිළිබඳ රජය හෝ පළාතේ දේශපාලඥයින් කිසිදු සොයාබැලීමක් සිදුනොකරන බව විරෝධතාකරුවෝ පවසති.


උතුරේ නැවත පදිංචි කළ ජනතාව ආර්ථික වශයෙන් විශාල ලෙස කඩාවැටීමට ලක්ව සිටින අවස්ථාවලදී විවිධ පෞද්ගලික ආයතන පැමිණ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම් සිදුකරන බවත් පසුව තවදුරටත් එම ජනතාව ණය බරින් පීඩාවිදින බවද කීය.


විරෝධතාකරුවන් පවසා සිටියේ රජය නැවත පදිංචි කිරීම් සිදුකළ ද ඔවුන්ගේ ජීවනෝපාය ගැන මෙතෙක් සොයාබැලීම් සිදුකර නොමැති බවත් ජනතාව විකල්ප ලෙස මෙම ණය ලබාගැනීම් සඳහා යොමුවන බවත්ය.



අදහස් (0)

වවුනියාව පැරණි බස්නැවතුම්පොළ අසල විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site