IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජීවිත අවදානමද නොතකා කලා වැවේ චණ්ඩියාට වනජීවී නිලධාරීගෙන් ප්‍රතිකාර

(කාංචන කුමාර ආරියදාස)

කලා වැව් තාවුල්ලේ චණ්ඩියා ලෙස හැඳින්වෙන දීඝජන්තු   දෙක නැමැති දල ඇතාගේ ඉදිරි පාදයට වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල වලට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීහු අද (12)  සමත්වූහ.

කලා වැව  ඉස්මත්තේ නිරන්තරයෙන් සැරිසරන දීඝජන්තු දෙක නැමැති දල ඇතාට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඇති අතර ඉන් ඇතැගේ ඉදිරි පාදයට බරපතළ ලෙස තුවාල ලබා ඇති බව වනජීවී නිලධාරීහු පැවසූහ.

ඒ අනුව ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ වනජීවී පශු  වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක්  දැඩි පරිශ්‍රමයක් දරමින් ඇතාට ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලැබූහ.

කැකිරාව  ඔලොම්බෙව  ප්‍රදේශයෙන් ඔරු  කිහිපයක නැගී වනජීවි කණ්ඩායම සහ පශු  වෛද්‍යවරයා කිලෝමීටර් 2 ක පමණ දුරක් කලාවැවේ ගොස් මෙම ඇතා සිටින ඉසව්ව සොයා මෙහෙයුම දියත් කළහ.

වනජීවී නිලධාරීන් සහ මාධ්‍යවේදීන් රැගත් ඔරු දෙකක් කලා වැව මැද පෙරළී යාමෙන් ගල්කිරියාගම ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී කුෂාන්  ජයවර්ධන මහතාගේ  කැමරා ආම්පන්නවලටද දැඩි අලාභ හානි සිදුවී තිබේ.

ජීවිත අවදානමද නොතකා වනජීවී නිලධාරීන් දීඝජන්තු දෙක ඇතාගේ ඉදිරි පාදයේ පැවති තුවාලවලට  ප්‍රතිකාර  සිදුකළ අතර  ඇතාට සාර්ථකව ප්‍රතිකාර කිරීමට හැකිවු බව වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසීය.



අදහස් (2)

ජීවිත අවදානමද නොතකා කලා වැවේ චණ්ඩියාට වනජීවී නිලධාරීගෙන් ප්‍රතිකාර

Raveendra Tuesday, 12 June 2018 03:21 PM

මෙම රජයේ නිලදරුවන් කරන සේවයට අප හදවතින්ම සුබ පතන්නෙමු. ඔබලාගේ සියලු පැතුම් ඉටුවේවා.

:       0       13

Raveendra Tuesday, 12 June 2018 03:21 PM

මෙම රජයේ නිලදරුවන් කරන සේවයට අප හදවතින්ම සුබ පතන්නෙමු. ඔබලාගේ සියලු පැතුම් ඉටුවේවා.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site