නුසුදුසු ආහාර විකිණු වෙළෙඳසල් 22 කට නීතීමය පියවර අගුණුකොළපැලැස්ස සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කොට්ඨාසය තුළ සිදුකළ රාත්‍රී වෙළදසැල් පරික්ෂාවකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවියට තැබූ වෙළදසැල් විසිදෙකක් සඳහා නඩු පැවරීමට මහජන පරික්ෂක මහත්වරු ක්‍රියාකළහ. 21 June 2018
වන අලි පහර දීමෙන් දෙදෙනෙක් මරුට වන අලියකු පහර දීමෙන් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලිහිනිපිටිය - අකරහඩුව ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි නාඋල පොලිසිය පවසයි. 21 June 2018
දෝව රක්ෂිතයේ ගින්නෙන් අක්කර 10 ක් විනාශයි ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් දෝව රක්ෂිතයේ අද (21) අලූයම ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි පරබූ දේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 21 June 2018
කොටගල වෙළෙඳසලක් කොල්ල කාලා කොටගල නගරයේ පිහිටි වෙළෙඳ සැලක් බිඳ එහි වු මුදල් රැගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දිඹුල-පතන පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 20 June 2018
ගාල්ල මහජනපොළ භූමියේ අනවසර ඉදිකිරිම් ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් ගාල්ල මහජනපොළ භූමියේ ඇති අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමට නගර සභාවේ නිලධාරින් සහ සේවකයින් පොලිස් ආරක්ෂාව සහිතව අද (20)ගිය අවස්ථාවේ එහි වෙළඳුන් ඒවා ඉවත් කිරිමට විරෝධය පළ කරමින් හැසිරිමට පටන් ගැනිමත් සමඟ උණුසම් තත්වයක් ඇති විය. 20 June 2018
හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී වන්දි අහිමිවුවෝ පාරට බසිති සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී ඉඩම් හා නිවාස අහිමි වුවෝ ඊට වන්දි ඉල්ලා සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළින් සුරියවැව හම්බන්තොට ප්‍රධාන මාර්ගය හරස් කර විරෝධතාවයක් ඇරැඹුහ. විරෝධතාවයේ නිරත පිරිස් පවසන්නේ දැනට වසර පහක් තිස්සේ නිළධාරින් තමන් රවටමින් වන්දි ලබා දිම ප්‍රමාද කළ බවයි. 20 June 2018
චීන ජාතික තරුණියකගේ මුදල් සොරකම් කළ ඇගේ මිතුරිය අත්අඩංගුවට තම මිතුරියගේ මුදල් සොරාගත් බව කියන චීන ජාතික විසිපස් හැවිරිදි තරුණියක් සීගිරිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 20 June 2018
ගැල්වේස් ජාතික වනෝද්‍යානයට පැමිණි දිවියකු ඇල්ලීමට මෙහෙයුමක් නුවරඑළිය ගැල්වේස් ජාතික වන උද්‍යානයට සතියකට පමණ පෙර පිදුරුතලාගල රක්ෂිතයෙන් හෝ සීතාඑළිය හග්ගල රක්ෂිතයෙන් පැමිණි දිවියෙකු අල්ලා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් වනජීවි අධ්යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතාගේ උපදෙස් මත මේ දිනවල ක්‍රියාත්මක වේ. 20 June 2018
ඉනාමළුව රක්ෂිතයේ ගොඩකිරල ගස් කැපු වන නිලධාරීන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතයේ තිබූ ගොඩ කිරල ගස් තුනක් කපා දැව කඳන් ටැක්ටරට ප්‍රවාහනය කරමින් සිටි වන නිලධාරීයකු, සුළු සේවකයකු සහ සිවිල් පුද්ගලයෙකු ට්‍රැක්ටර් රථයක් දඹුල්ල ඇටවරාහේන ප්‍රදේශයේදී සැකපිට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ . 20 June 2018
හොරෙන් මැණික් ඉල්ලම් කැපු තිදෙනෙක් අත්අඩංගුවට බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන තේ වත්තේ තේ ගස් තුළ විශාල පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ඉල්ලම් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් අද(20) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය. 20 June 2018
තරුණයින්ට මත් කුඩු විකිණු කාන්තාවක් ගම්පහදී අත්අඩංගුවට දුම්රියයන්හි සිගමන් යදිමින් ගම්පහ අවට ග්‍රාමීය ප්‍රදේශයන්හි තරුණයින්ට මත් කුඩු අලෙවියෙහි යෙදී සිටි 49 හැවිරිදි කාන්තාවක් ගම්පහ පොලිස් කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 20 June 2018
වරෙන්තුකරුවන් පස් දෙනෙකු වෙන්නප්පුවෙන් අල්ලයි අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවන් පස් දෙනෙකු ඊයේ (19) සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 20 June 2018
තරුණයින්ට මත් කුඩු විකිණු කාන්තාවක් ගම්පහදී අත්අඩංගුවට දුම්රියයන්හි සිගමන් යදිමින් ගම්පහ අවට ග්‍රාමීය ප්‍රදේශයන්හි තරුණයින්ට මත් කුඩු අලෙවියෙහි යෙදී සිටි 49 හැවිරිදි කාන්තාවක් ගම්පහ පොලිස් කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 20 June 2018
අ’පුරේ කාන්තාවන් 14 ක් අත්අඩංගුවට අනුරාධපුර නගරයට පැමිණෙන තරුණයන් පොළඹවා ගැනීමට විදී සංචාරය කළ සම්බාහන ආයතන කිහිපයක සේවය කළ කතුන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 20 June 2018
වන අලි පහරින් වනජීවී නිලධාරීයකු මරුට ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ගම් වැදී සිටි වන අලියෙකු පලවා හැරීමේ මෙහෙයුමට එක්ව සිටි වනජීවී නිලධාරියෙකුට වන අලියකු පහරදීම හේතුවෙන් අද (19) සවස එම නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගිරාදුරුකෝට්ටේ පොලිසිය කියයි. 19 June 2018
අල්ලස් ගත් ජනපද නිලධාරියා අත්අඩංගුවට කන්තලේ - අග්බොපුර ප්‍රදේශයේදි ඉඩම් බලපත්‍රයක් සකස්කර දීමට රුපියල් 30,000ක අල්ලසක් ගත් ජනපද නිලධාරියෙකු අද (19) අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ වැටලිම් ඒකකයේ පොලිස් නිලධාරිහු සමත්වූහ. 19 June 2018
නාත්තන්ඩිය භික්ෂු එකමුතුව නාත්තන්ඩිය නගරයේදී සත්‍යග්‍රහයක ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසත් උන්වහන්සේට බන්ධනාගාරයේදී චීවරය දරා සිටීමට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලමින් අද (19) නාත්තන්ඩිය නගරයේදී සත්යග්රහ ව්‍යාපාරයක් පැවැත්විය. 19 June 2018
දුම්වැටි තොගයක් කුරුණෑගල දී අත්අඩංගුවට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට එවන ලද භාණ්ඩ තොගයක් අතර සඟවා තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කුරුණෑගල භාණ්ඩ ගබඩා සංකීර්ණයේ දී රේගු නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගනු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 19 June 2018
ඉමදූව ප්‍රා.සභාවේ ගැටුමක් ඉමදුව ප්‍රාදේශීය සභාව අද (19) රැස්වු අවස්ථාවේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ඒ.ජී.අරුණ මන්ත්‍රීවරයා සහ සභාපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර ඇතිවු මත ගැටුමක් නිසා සභාව එකම ගාලගෝට්ටියක් වු අතර සිදුවිමට ගිය ගුටිබැට හුවමාරුවක් ද නුලෙන් වැළකී ගියේය. 19 June 2018
මිනීමැරුම් චෝදනාවකට පුද්ගලයෙක්ට 10 වසරක සිරදඬුවමක් මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවෙකුට බරපතල වැඩ ඇතිව වසර 10ක සිරදඬුවමක් මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (19) නියම කළේය. 19 June 2018
රථවාහන නිතියේ පන්තිභේදයක් යතුරුපැදිකරුවන්ගේ සංගමයෙන් චෝදනාවක් යතුරුපැදි සයිලන්සර්වලට ශබ්දයේ සීමාවක් පැනවීමට මැදිහත් වන්නැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි. 19 June 2018
නැ‘හිර සරසවියේ සන්නිවේදන-ව්‍යාපාර පීඨ සිසුන් බඳවා ගැනීම ජුනී 25 වැනිදා සිට නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදන හා ව්‍යාපාර කලමණාකරන පීඨයට 2016/17අධ්‍යන වර්ෂය සදහා කල්දැමු සිසුන් ලියපදිංචි කිරිම ලබන ජුනි 25දින සදහා එම පීඨය තුළදි සිදු කරන බව මණ්ඩපාධිපති ආචාර්ය පි.කනක සිංහම් මහතා පැවසිය. 19 June 2018
කුලියාපිටියට හමා ගිය සුළඟින් දැඩි අලාභ කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ කිහිපයක් හරහා අද (19) අලුයම හමාගිය සුළි කුණාටුවකින් නිවාස 20 කට සහ වෙළඳසල් 12ක් ඇතුඵ රථවාහන කිහිපයකට අලාභ හානි සිදුව ඇති බව කුලියාපිටිය පොලීසිය පවසයි. 19 June 2018
වෙන්නප්පුවේ කූට ලෙස ඉඩම් කට්ටිකර අලෙවි කිරිමේ ජාවාරමක් වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉඩම් කට්ටි කර අලෙවි කරන සමහර ආයතන සභාවෙන් ඉඩම් සංවර්ධනය කිරිමට ලබාදෙන අවසරයට මුවා වී වංචාවක් කර ඉඩම් කට්ටි කර අලෙවි කිරිමේ කූට ජාවාරමක 19 June 2018
ගලේවෙලදී ටිපරයක් පෙරැළෙයි දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල රංවැඩියාව ප්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු ටිපර් රථ රියදුරෙකුට රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබු වෙළදසැලක්ද කඩාගෙන ගොස් පෙරැළි ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 19 June 2018
‘පොසොන් සතියේ මත්පැන් අලෙවි කළොත් බලපත්‍ර අහෝසි කරනවා ‘ පොසොන් සතිය තුළ වැඩි මිළට හෝ සාමාන්‍ය මිලට මත්පැන් අලෙවි කරන මත්පැන් අලෙවිසැල් වල බලපත්‍ර අනිවාර්යෙන් අහෝසි කර රුපියල් ලක්ෂ දහයේ සිට ලක්ෂ පහළොව දක්වා දඩ මුදල් නියම කරන බව උතුරු මැද පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ආර් එම් රත්නායක මහතා පැවසීය. 19 June 2018
‘ත්‍රි’මලේ කැණීම් වලින් සොයා ගත් වස්තු ඇති ගොඩනැගිල්ල විනාශ වෙනවා’ ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අවට කැණීම් වලින් සොයා ගත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කෞතුක වස්තු තැන්පත් කර ඇති ගොඩනැගිල්ල ගරා වැටී විනාශයට පත්වෙමින් පවතින බව එම ගොඩනැගිල්ල පිහිටි කුච්චවේලි පිච්චමල් විහාරවාසි කැපපෙටියාවේ අරණ විහාරි හිමියෝ පවසති. 19 June 2018
මත්ද්‍රව්‍ය සමඟ 5ක් අත්අඩංගුවට යතුරුපැදියකින් යමින් විවිධ ප්‍රදේශයන් හි මාවා නමැති මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ප්‍රශ්න කිරිමෙන් පසු මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් තුන් දෙනෙකුත් අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි . 19 June 2018
කොස්ලන්දෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට කොස්ලන්ද අලුත්වෙල උණකන්ද රක්ෂිතයේ හොර රහසේ වගාකර තිබූ කංසා වගාවන් තුනක් වටලා රුපියල් ලක්ෂ ගණනක් වටිනා කංසා පැල 6000ක් ගිනිතබා විනාශ කර කංසා පැල 75 ක් සමඟ එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි. 19 June 2018
අලියා බේරගන්න ගිය වනජීවී නිලධාරීන්ට විරෝධය වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු ගොඩට ගැනීමට ගිය අවස්ථාවේ දී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වූ බව පුත්තලම වනජීවී පාලන ඒකකයේ නිලධාරී නවරත්න බණ්ඩාර මහතා පැවසීය. 18 June 2018
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026