IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අලියා බේරගන්න ගිය වනජීවී නිලධාරීන්ට විරෝධය

රෝවන් පෙරේරා

වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු ගොඩට ගැනීමට ගිය අවස්ථාවේ දී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වූ බව පුත්තලම වනජීවී පාලන ඒකකයේ නිලධාරී නවරත්න බණ්ඩාර මහතා පැවසීය.

ඊයේ (17)   රාත්‍රීයේ දී වගා ළිඳට වැටී සිටි වන අලියා පිළිබඳව ප්‍රදේශවාසීන් ගේ දැනුම් දීමකට අනුව වනජීවී නිලධාරින් එම ස්ථානයට ගිය බව පුත්තලම අලි පාලන ඒකකය කියයි.

මෙම වන අලියා දිවා රාත්‍රී දෙකෙහිම රජවීගම , නෙලිවැව , සියඹලෑව ගම්මානවලට සහ දැදුරුඔය ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කළ නෙලුම්ගම, අලුත් නෙලුම්ගම යන ගම් වලද සැරිසරමින් ජනතාවගේ දෛනික කටයුතු වලට දැඩි බාධා එල්ල කරන බැවින් මෙම ප්‍රදේශයෙන් වන අලියා රැගෙන යන ලෙස දැඩි බලපෑමක් වනජීවී නිලධාරීන්ට ප්‍රදේශවාසිහු එල්ල කළහ.

වනජීවී නිලධාරින්ට ජනතාවගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් පැය කිහිපයක් පුරාවට වන අලියා ගොඩට ගැනීමේ කාර්ය ප්‍රමාද වූ අතර අලියා ගොඩ ගැනීමට ජේ.සී.බී යන්ත්‍රය  ලබාදුන් කරුවලගස්වැව ප්‍රාදේශයේ  සභාවේ සභාපති  සහ ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු අද (18)  වන අලියා ගොඩගෙන පලවා හැරීමට කටයුතු කළේය.



අදහස් (0)

අලියා බේරගන්න ගිය වනජීවී නිලධාරීන්ට විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site