(දිලීප් ජයසේකර)
සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී ඉඩම් හා නිවාස අහිමි වුවෝ ඊට වන්දි ඉල්ලා සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළින් සුරියවැව හම්බන්තොට ප්‍රධාන මාර්ගය හරස් කර විරෝධතාවයක් ඇරැඹුහ.
විරෝධතාවයේ නිරත පිරිස් පවසන්නේ දැනට වසර පහක් තිස්සේ නිළධාරින් තමන් රවටමින් වන්දි ලබා දිම ප්‍රමාද කළ බවයි.
විරෝධතා කරුවෝ පැය දෙකක පමණ කාලයක් හම්බන්තොට සුරියවැව ප්‍රධාන මාර්ගය හරස් කරගෙන විරෝධතාවයේ නිරත වු අතර එම ස්ථානයට වගකිවයුතු කිසිවකුත් නොපැමිණිම නිසා පිරිස සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද ප්‍රධාන ගේට්ටුව අවහිර කර විරෝධතාවයේ නිරත වුහ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළට පැමිණි පිරිසට හා වෙනත් රාජකාරි කටයුතු සදහා පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පැමිණ තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd