(චන්දනප‍්‍රනාන්දු)
වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ඉඩම් කට්ටි කර අලෙවි කරන සමහර ආයතන සභාවෙන් ඉඩම් සංවර්ධනය කිරිමට ලබාදෙන අවසරයට මුවා වී වංචාවක් කර ඉඩම් කට්ටි කර අලෙවි කිරිමේ කූට ජාවාරමක නිරත වෙමින් සභාවේ නීතිරිති සභාවේ බලය හෑල්ලු කරමින් සිටින බව වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ පාලක පක්ෂයේ මන්ත‍්‍රී ජූඩ් උඩුගම්පල මහතා ප‍්‍රාදේශීය සභා රැස්වීමේදී අනාවරණය කළේය.
ඉඩම් කට්ටි කර අලෙවි කිරිමට පෙර එම ආයතන විසින් කොන්දේසි ගණනාවක් සැපිරිය යුතු බවත් එලෙස එම කොන්දේසි කිසිවක් සම්පූර්ණ නොකර වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ඉඩම් ගණනාවක් මේ වනවිටත් අලෙවි කරමින් තිබෙන බවයි.
මේ හේතුවෙන් එම ඉඩම් මිලදී ගන්නා ජනතාව ගැටළු රැසකට මුහුණ දී තිබෙන බව මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය.
බණ්ඩිරිප්පුවේ හා බොරලැස්සේ මෙවැනි ඉඩම් දෙක කොන්දේසි සම්පූර්ණ නොකර අලෙවි කරමින් හා අලෙවි කිරිමට බැනර් පවා යොදා තිබීම නීතිවිරෝධි කටයුත්තක් බැවින් සභාවේ අවධානය යොමු කර මෙවන් කූට ජාවාරම් වැළැක්වීමට පියවර ගත යුතු බවත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වෙන්නප්පුවේ කූට ලෙස ඉඩම් කට්ටිකර අලෙවි කිරිමේ ජාවාරමක්