ඥාණසාර හිමි නිදහස් කර ගැනීමට අධිෂ්ඨානශිලි පා ගමනක් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරගැනීම වෙනුවෙන් අධිෂ්ඨානශිලි පා ගමනක් ගාල්ලේ සිට කොළඹ දක්වා ගමන් ඇරඹු පාගමන අද (18) සවස සීනිගම දේවාලය අසලින් පලමු දිනය අවසන් කෙරිනි. 18 June 2018
මේ වසරේදී අපරාධ කල්ලි සාමාජිකයින් 17 ක් අත්අඩංගුවට කොළඹ අපරාධ කොට්ඨාසය මේ වසරේ කළ විමර්ශන වලින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජියක් 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය. 18 June 2018
අවම ලංසුව නොතකා චීන සමාගමකට දුන්නාට පෙත්සමක් කෙරවලපිටිය ඉදිකිරීමට නියමිත ස්වාහාවික වායු බලාගාරයේ ඉදිරිකිරීම් ටෙන්ඩරයට අවම ලංසුව ලබාදුන් සමාගම නොතකා හැර චීන සමාගමකට දීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් පුෂ්පකුමාර මහතා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 18 June 2018
පොලිස් කූඩුවෙන් පළා ගිය සැකකරුවෙක් පැය කිහිපයකින් අත්අඩංගුවට යතුරුපැදි සොරකමකට අත්අඩංගුවට ගෙන කූඩුවේ රඳවා සිටි සැකකරුවෙකු පලා ගොස් පැය කිහිපයකට පසු ගනේෂ් පටුමගේ පිහිටි සැකකරුගේ නිවසේ සැඟවි සිටියදි අත්අඩංගුවට ගැනිමට උප්පුවේලි පොලීසිය සමත්විය. 18 June 2018
කෝට්ටපිටිය වැවෙන් මළ සිරුරක් හමුවෙයි ආරච්චිකට්ටුව කෝට්ටපිටිය වැවේ පුද්ගල පිරිමි මළ සිරුරක් ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි. 18 June 2018
නිලාවේලි මුහුදේ ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලීමෙන් මුහුදු ජීවින්ට හානි ත්‍රිකුණාමලය නිලාවේලි අවට මුහුදු තීරයේ ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලිමේ නිති විරෝධි කටයුතු පාලනය කර ඇතත් සුළු පිරිසක් තවමත් එම නිතිවිරෝධි කටයුතුවල නියැලෙන බැව් නාවික හමුදාව කියයි. 18 June 2018
වෑන් රියක් පෙරැළි රියදුරුට බරපතලයි හැටන් වටවල සිට හැටන් ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට දක්වා සේවකයින් ප්‍රවහනය කළ වැන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් එම වැන් රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි. 18 June 2018
හෙරොයින් සමඟ 7 දෙනෙක් අත්අඩංගුවට පුත්තලම දිසාව තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ආරම්භ කර ඇති වැඩපිළිවෙළ යටතේ පසුගිය සති අන්තයෙන් සිදු කරන ලද වැටලීමේ දී සැකකරුවන් හත් දෙනෙකු සමඟ හෙරෝයින් මත්කුඩු මිලිග්‍රෑම් 1800 ක් අත්අඩංගුවට ගත් බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි. 18 June 2018
ගෝන මස් ළඟ තබා සිටි අයෙක් අත්අඩංගුවට ගෝනමස් කිලෝ 4ක් හා ග්‍රෑම් 200ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු මෙරට නිෂ්පාදිත බොර 12 තුවක්කුවක් සමඟ සිංහරාජ වන රක්ෂිතය ආසන්නයේ පිහිටි නෙළුව ගිගුරු ඇළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නෙළුව පොලිසිය කියයි. 18 June 2018
ගිංඔය ඉවුරෙන් හමුවූ ජීව අත්බෝම්බය පුපුරවා හරී වෙන්නප්පුව ගිංඔය ඉවුරේ තිබී හමුවී ඇති ජීව අත්බෝම්බයක් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (17) සවස පුපුරා විනාශ කර දැමීමට කටයුතු කළ බව වෙන්නප්පුව පොලීසිය කියයි. 18 June 2018
කතරගම වල්ලි විහාරස්ථානයේ පුරාවස්තු කැණිම් කරමින් සිටි සිව් දෙනෙක් අත්අඩංගුවට කතරගම ශ්‍රි වල්ලි විහාරස්ථානයේ පුරා වස්තු කැණිම් කරමින් සිටි පුද්ගලයින් 04 දෙනකු අද සවස (17) වීශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගන්නා ලදී. 17 June 2018
ත්‍රිරෝද රියක ගැටී කාන්තාවක් මරුට තංගල්ල පොළොම්මාරුව ප්‍රදේශයේදී අද (17) පස්වරුවේදී සිදුවූ අනතුරකින් කාන්තාවක මියගොස් තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 17 June 2018
කාන්තාවකගේ අත් පා බැඳ දමා රන් අබරණ කොල්ල කෑ තිදෙනෙක් අත්අඩංගුවට ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අත්පා ගැට ගසා බැඳ දමා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (17) දහවල් අත් අඩංගුවට ගෙන තිබේ. 17 June 2018
පසුගිය වසරේදී රැදවියන් 105 ක් මිය ගිහින් බන්ධනාගාරවල රඳවා සිටි සිරකරුවන් 105 දෙනකු ගිය වසරේදී මිය ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම කාර්ය සාධක වාර්තාවේ දැක්වේ. 17 June 2018
විදුලි සැර වැදී කටුපත්වැව අලියෙක් මරුට නොච්චියාගම කටුපත්වැව ප්‍රදේශයේ පොල් ඉඩමක් වටා ඉදිකර තිබු අලි වැටක විදුලි සැර වැදීමෙන් මිය ගොස් සිටි වයස අවුරුදු 15 ක පමණ වන අලියකු පෙරේදා සොයා ගත් බව කටුපත්වැව බීට්ටු වනජීවී නිලධාරිහු පැවසුහ. 17 June 2018
උඩරට දුම්රිය මඟේ විදෙස් කතුන්ගෙන් මුදල් කොල්ල කාලා දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි විදේශීය කාන්තාවන් දෙදෙනෙකුගේ රුපියල් 56000 ක මුදල් සහ රුපියල් 82000 ක් වටිනා කැමරාවක් කොල්ල කෑ බව කියන සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි. 17 June 2018
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳුන් 10 කට නඩු නරක් වු කරවල, අලෙවි කිරිමට සුදානම් කර තිබිම, නරක්වු පළතුරු යොදාගෙන පළතුරු බීම සකස් කිරිම හා පාරිභෝජනයට නුසුදුසු පොල්තෙල් අලෙවි කිරිමට තැබීම යන චෝදනා යටතේ වෙළඳසල් හිමියන් දස දෙනෙකුට විරුද්ධව නඩු පැවරිමට කටයුතු කරන බව බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 17 June 2018
සැප බස් රියෙන් ගංජා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට යාපනය සිට කොළඹ දක්වා ධාවනය වන අධි සුඛෝපභෝගී බස් රථයකින් කේරල ගංජා රැගෙන යමින් සිටි සැකකරුවෙක් වව්නියාව පුලුයන්කුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි. 17 June 2018
කුණු කසළ නිසා අ‘පුර පාලුගම රක්ෂිතය විනාශ වීමේ අවදානමක් අනුරාධපුර නගර සීමාවේ පිහිටි ඓතිහාසික තිසාවැවට යාබද පාලුගම පාරිසරික පද්ධතියට අපද්‍රව්‍ය බැහැරකිරීම හේතුවෙන් පරිසරය විනාශවී යෑමේ තර්ජනයකට මුහුණ දී තිබේ. 17 June 2018
අ‘පුර ගොවීන්ට දේශිය ලොකු ලුණු බීජ දේශීය ලොකුලූනු වගාව ප්‍රචලිත කිරීම අරමුණින් ලොකුලූනු බීජ නොමිලේ ගොවීන් වෙත ප්‍රධානය කිරීම කාන්තා කටයුතු ඇමතීනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී සිදුවිය. 17 June 2018
පුපුරණ ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ඩෙටනේටර්ස් නමැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු අද (17) අලුයම අරලගංවිල දම්මින්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි. 17 June 2018
හෙරොයින් ගෙනා අයෙකු පොලිස් දැලේ හෙරොයින් මත්කුඩු තොගයක් සමග පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවෙකු අද (16) දහවල් පොලොන්නරුව බැදිවැවදී පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලායාමට උත්සාහ කරද්දී පොලිසිය විසින් තබන ලද වෙඩි පහරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 16 June 2018
දියනෑමට ගිය කාන්තාවක් ජීවිතක්ෂයට වැලිකන්ද, මගුල්පොකුණ ප්‍රදේශයේ පිහිටි මහවැලි වාරි ඇළක දිය නෑමට ගිය 37 හැවිරිදි කාන්තාවක අද (16) උදේ දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 16 June 2018
වීසා නොමැතිව රැඳීසිටි විදේශිකයා අත්අඩංගුවට විසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳීසිටිමින් කුලිවැඩ කරමින් සිටි නයිජිරියානු ජාතිකයකු ගාල්ල කොට්ඨාශ දූෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 16 June 2018
වතුකරයේ මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරති වතුකරයේ වෙසෙන මුස්ලිම් ජනතාව අද (16) රාමසාන් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූහ. 16 June 2018
නීතිකැඩූ රියැදුරන්ට දැඩි නීති පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රථ වාහන අංශය විසින් හලාවත ප්‍රදේශයේ සිදු කරන ලද හදිසි මෙහෙයුමකදී විවිධ රථ වාහන නීති උල්ලංඝනය කළ රියදුරන් 27 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. 16 June 2018
ආගරපතන තේ වතුයායේ උද්ඝෝෂණයක් වතුකරයේ ළමයින්ගේ අයිතීන් සුරක්ෂිත කර නිසි ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලා අද (15) පස්වරුවේ ආගරපතන, නල්ලතන්නිය තේ වතුයායේ දී උද්ඝෝෂණයක් පැවැත්වුහ. 15 June 2018
මිනීමැරුම් හා දරුණු අපරාධ කළ 1231ක් මරණ දඬුවමට නියමව සිටියි මිනීමැරුම් ඇතුළු විවිධ දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් 1231 දෙනෙකු මේ වන විට මරණීය දඬුවම නියමවී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම කාර්ය සාධන වාර්තාවේ දැක්වෙයි. 15 June 2018
අරන්දර කන්දේ නිධන් හැරූ 7 ක් රිමාන්ඩ් ගලිගමුව පින්දෙනිය අරන්දර කන්දේ නිධන් හැරිමට ගිය හත්දෙනා මෙම මස 26 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ගමගේ මහතා අද (15) නියෝග කළේය. 15 June 2018
හෙරොයින් ප්‍රවාහනය කළ අයෙක් මාස්පොත දී අත්අඩංගුවට පුත්තලම සිට කුරුණෑගල නගරයට හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයකු මාස්පොත ප්‍රදේශයේ දී පරික්ෂා කිරිමේ දී මෙරට නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක් හා හෙරොයින් සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 15 June 2018
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026