IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


චීන ජාතික තරුණියකගේ මුදල් සොරකම් කළ ඇගේ මිතුරිය අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)


තම මිතුරියගේ මුදල් සොරාගත් බව කියන චීන ජාතික විසිපස් හැවිරිදි තරුණියක් සීගිරිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
 
චීන ජාතික සංචාරක  කණ්ඩායමක්  සීගිරිය ප්‍රදේශයේ නැරඹීම සදහා පැමිණ තිබේ .පසුව මෙම කණ්ඩායම සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලැගුම්ගෙන ඇතැයි පොලිසිය කියයි.


සංචාරක හෝටලයේ කාමරයක වයස අවුරුදු 25 වියේ පසුවන තරුණියන් තිදෙනෙකු  එකම කාමරයක ලැගුම් ගෙන ඇත. ඔවුන් තිදෙනා සිටි කාමරයේ එක් තරුණියකගේ මුදල් රුපියල් එක්ලක්ෂ හැට අට දහසක මුදලක් සහ චීන මුදල් 2520 ක මුදලක් අතුරුදන්වී ඇතැයි එම තරුණිය සංචාරක හෝටලයේ කළමනාකාරවරයාට පැමිණිලි කොට තිබේ.


තම සේවක සේවිකාවන් සමඟ පිරිස ද සංචාරක හෝටලයේ කාමර ද පරික්ෂා කළ ද මුදල් නොතිබූ තැන සංචාරක හෝටල් කළමනාකරු මේ පිළිබඳව සීගිරිය පොලිසියට පැමිණිලි කොට තිබේ.


 පසුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සංචාරක හෝටලයට පැමිණ පරික්ෂණ පවත්වා ඇත .


ඒ අතරතුර දී මෙරටට චීනයේ සිට සංචාරය සඳහා පැමිණ සිටි කණ්ඩායම පිටත්ව යන්නට සූදානම් වෙද්දී පොලිස් ස්ථානාධිපතිවරයා කියා ඇත්තේ පැමිණි සියලු  දෙනාම පරීක්ෂාවට ලක් කළ යුතු බවය.


ඒ අනුව පොලිස් කණ්ඩායමක් සංචාරකයන් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේදී එක් තරුණියක් එකවරම බඩේ අමාරුවක් සෑදී ඇති බව පවසමින් හෝටලයේ වැසිකිලියට දිව ගොස් තිබේ .ඒ අනුව සැක හිතු පොලිසිය ඇය පිටුපස   කාන්තා පොලිස් නිලධාරිනියක යවා තිබේ.


එහිදී හෙළිදරව් වී ඇත්තේ වැසිකිළියේ ඇති   බඳුනකට ලේන්සුවක ඔතා මෙම මුදල් දමා තිබෙන ඇති බවය. ඒ අනුව සැකපිට චීන ජාතික මෙම   තරුණිය පොලිස් බාරයට ගෙන තිබේ.


ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ තම මිතුරියන් ළඟ මුදල් විශාල වශයෙන් තිබෙන නිසා තමන්ට ආශාවක් ඇතිව එම මුදල් සොරා ගත් බවය. 


කෙසේ වෙතත් සීගිරිය පොලිසිය කියා සිටියේ මුදල් අතුරුදන් වූ  චින ජාතික තරුණියගෙන් ප්‍රකාශ සටහන් කොට සැකපිට අත්අඩංගුවට ගත් තරුණිය අද (20)දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ය.


සැකකාර චීන ජාතික තරුණිය සීගිරිය පොලිස් අත්අඩංගුවේ පසු වෙද්දී  ඔවුන් සමඟ පැමිණි සෙසු චීන ජාතික සංචාරකයන් ඔවුන්ගේ  සංචාරක කටයුතු සඳහා ප්‍රදේශයෙන් පිටත්ව ගිය බව පොලිසිය කියයි.
 



අදහස් (1)

චීන ජාතික තරුණියකගේ මුදල් සොරකම් කළ ඇගේ මිතුරිය අත්අඩංගුවට

isurandi Wednesday, 20 June 2018 12:39 PM

එතකොට මේ කාන්තාව සදහා වැයවෙන සියලුම වියහියදම් දරන්නේ රජය විසින්ද? නැත්තම් චීන තානාතිපති කාර්යාලය හරහාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site