බිඟුන් මේනක ගමගේ
යතුරුපැදි සයිලන්සර්වලට ශබ්දයේ සීමාවක් පැනවීමට මැදිහත් වන්නැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.
සයිලන්සර් ශබ්දයට මේ වනවිට රුපියල් පනස් දහසේ සිට ලක්ෂ තුන දක්වා දඩ අය කරන නමුත් ඊට නීත්‍යනුකූලව පැනවූ ශබ්දයේ සීමාවක් නොවීමෙන් පොලිසිය හිතු මනාපයට දඩ ගැසීම් කරන්නේ යැයි එම සංගමය චෝදනා කරයි.
අධිබලැති ලැම්බොගිනි, ඇස්ටින් මාටින් ආදී මෝටර් රථවලට මෙම නීතිය බල නොපෑම පුදුම සහගත යැයි ද මේ නිසා රථවාහන ශබ්දය සම්බන්ධ නීතියේදී ඊට පංතිමය මුහුණුවරක් ලැබී ඇතැයි ද එම සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා පවසයි.
වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් යතුරු පැදිවලින් වාර්තාවීම යන තර්කය පදනම් කරගෙන මෙම දඩගැසීම සාධාරණය කිරීමට පොලිස් රථවාහන අංශය උත්සාහ කළ ද ඊට කිසිදු තාර්කික පදනමක් නැතැයි ද එනිසා මෙම කාරණය සමබන්ධයෙන් විමසා බලා නීතිය නිවැරුදිව ස්ථාපිත කිරීමට මැදිහත් වන්නැයි ද එම සංගමය අමාත්‍යංශ ලේකම්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටීයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රථවාහන නිතියේ පන්තිභේදයක් යතුරුපැදිකරුවන්ගේ සංගමයෙන් චෝදනාවක්