වටගොඩ දී දුම්රියට හැපී අයෙක් මරුට උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ, වටගොඩ දුම්රිය ස්ථානයේ දී පුද්ගලයකු දුම්රියට හසු වී අද (26) දහවල් මියගොස් ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 26 June 2018
පොලිස් නිලධාරීන් යැයි පවසා කප්පම් ගත් දෙන්නෙක් අත්අඩංගුවට පොලිස් නිළධාරීන් ලෙස පෙනී සිටිමින් ඌවපරණගම මැදවෙල ප්‍රදේශයේදී එළ ගවයින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකුගෙන් රුපියල් හත්දහසක කප්පම් මුදලක් ලබා ගත් බවට යුද හමුදා සෙබළෙකු ඇතුලූ පුද්ගලයින් දෙදෙනෙකු අද (26) අත්අඩංගුවට ගෙන ඇතයි අඹගස්දෝව පොලීසිය කියයි. 26 June 2018
කන්දකැටිය ගොවියෝ පාරට බසිති කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉලුක්පැලැස්ස, උලුපෝරණූව හා බත්මැඩිල්ල ව්‍යාපරයට අයත් 50 ක පමණ ගොවි පිරිසක් අද (26) දහවල් කන්දකැටිය නගරයේ හා කන්දකැටිය ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ. 26 June 2018
කඩුගන්නාවේ හරක් මස් වෙළඳසැලේ බලපත්‍රය අහෝසියි කඩුගන්නාව නගරය තුළ පිහිටි හරක් මස් වෙළඳසැල මහජනතාවගේ සෞඛ්‍යට අහිතකර ආකාරයෙන් පවත්වාගෙන යන බවත් එම නිසා එහි බලපත්‍රය අහෝසි කිරිමට කටයුතු කරන බවත් කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා පැවසීය. 26 June 2018
බලපත් නොමැතිව රැගෙන ගිය දැව සමඟ ලොරිය අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව ලොරියකින් ප්‍රවාහනය කරන ලද දැව තොගයක් සමඟ එම දැව තොගය ප්‍රවාහනය කළ ලොරි රථයද අත්අඩංගුවට ගැනීමට අද ( 26) වැලිමඩ පොලිසිය සමත්ව තිබේ. 26 June 2018
බසයේ හැපී විදේශිකයා මරුට බදුල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය එකේ කණුව හීනපහුව ප්‍රදේශයෙදී පාර මාරුවීමට ගිය විදේශිකයකු අද (26) දහවල් පෞද්ගලික බස් රථයක හැපීමෙන් මියගොස් ඇතයි වැල්ලවාය පොලීසිය පවසයි. 26 June 2018
නැ’හිර සරසවියේ අර්බුදය විසඳන්න ඒක පුද්ගල කමිටුවක් නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යනය පීඨයේ උද්ගත වී ඇති අර්බුදය සොයා බලා විසඳුමක් ලබාදීමට නැගෙනහිර ආණ්ඩුකාර නීතීඥ රෝහිත බෝගොල්ලාගම මහතා ඒක පුද්ගල කමිටුවක් පත්කර තිබේ. 26 June 2018
මහා පරිමාණයෙන් සිදු කළ වැලි ජාවාරමක් වටලයි මහා පරිමාණයෙන් අනවසරයෙන් පවත්වාගෙන ගිය වැලි ජාවාරමක් පොලිස් විශේෂ කාර්යය බළකායේ සූරියවැව කඳවුරේ නිළධාරින් විසින් වටලනු ලැබීය. 26 June 2018
‘සංවර්ධන ක්‍රියාවලියේ දී පුරවැසියන්ගේ සතුට ඉතා වැදගත්’ සංවර්ධන ක්‍රියාවලියේදී පුරවැසියන්ගේ සතුට ඉතා වැදගත් යැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (25) පැවැසීය. 25 June 2018
පසුගිය වසරේදී රට පුරා අනතුරු 37888 ක් පසුගිය වසරේදී රට පුරා විවිධ අනතුරු 37888 ක් සිදුවී ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම කාර්යසාධක වාර්තාවේ සඳහන් වේ. 25 June 2018
උණගලාවෙහෙර කොත් වහන්සේ නිරාවරණය ජනපති ප්‍රධානත්වයෙන් පොළොන්නරුව ඓතිහාසික උණගලාවෙහෙර පුදබිමේ පිහිටි ඉපැරුණි දාගැබ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එහි කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 25 June 2018
වවුනියාවේ අලෙවිසැලක යතුරුපැදි 21 ක් ගිනි ගනී වව්නියාව පට්ටානිචූර් ප්‍රදේශයේදී යතුරුපැදි අලෙවිසලක් තුළ ඇති වූ ගින්නකින් අලෙවිසැල තුළ තිබූ යතුරුපැදි 21 කට ගිනි ගෙන තිබීම හේතුවෙන් දැඩි ලෙස අලාභ හානි සිදුව ඇතැයි වවුනියාව පොලීසිය පවසයි. 25 June 2018
උතුරේ වතු කම්කරු ජනතාවගේ ගැටළු විසඳන්නැයි විරෝධතාවක් වසර හතලියක පමණ කාලයක් උතුරේ ජීවත් වන වතු කම්කරු ජනතාවගේ ගැටලු වෙනුවෙන් කිසිදු බලධාරියෙකු මේ වන තුරු මැදිහත් නොවීමත් වතු කම්කරුවන් නොසලකා හරන බව කියමින් අද (25) වව්නියාවේදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණී. 25 June 2018
වල් අලියකු පහර දී කාන්තාවක් මරුට ඇහැටුවැව, පොතානේගම ගම්මානයේ පදිංචිව සිටි හැට හය හැවිරිදි කාන්තාවක් වල් අලියෙකුගේ පහර දීමකින් අද (25) උදෑසන මිය ගොස් ඇත. 25 June 2018
බෑණාගේ ගබඩාවට ගිනි තැබු මාමා අත්අඩංගුවට සිය බෑණාගේ ගබඩාවට ගිනි තැබු 54 හැවිරිදි මාමා කෙනෙකු තල්වැටියාව ප්‍රදේශයේ පිහිටි නිවසක දී අත් අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි. 25 June 2018
පුද්ගල ඝාතනයක් කළැයි වරදකරු වු අයෙක්ට මරණ දඬුවම වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කරිම සම්බන්ධයෙන් වරදකරුවු විත්තිකරුවෙකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල .තිලකරත්න මහතා අද(25) මරණිය දණ්ඩනය නියම කළේය. 25 June 2018
මුලතිව් ඖෂධ අලෙවිසල් වසා දැමුවාට විරෝධය මුලතිව් දිස්ත්‍රික්කයේ ඖෂධ අලෙවිසැල් වසාදැමීමට විරෝධය පලකරමින් අද (25) මුලතිව් නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයෝ තම කඩ සාප්පු වසාදමා විරෝධතාවක නිරතවූහ. 25 June 2018
අලි වෙඩිල්ලක් අතේ පත්තු වී යුද හමුදා සෙබළා රෝහලේ සොමාවැතිය පුද බිමේ රාජකාරියේ නිරත යුද හමුදා සෙබළෙකු පුදබිමට පැමිණි වන අලියෙකු පන්නා දැමිම සදහා අලි වෙඩිල්ලක් දැමිමට ගොස් එම වෙඩිල්ල සිය අතෙහිම පිපිරීයාම නිසා අතකට බරපතල හානි සිදු වි පොළොන්නරුව මහ රෝහලට ඇතුළු කර තිබේ . 25 June 2018
යතුරුපැදිය ගසක හැපී යුද හමුදා සෙබළා මිය යයි මහියංගණය දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ ගිරාදුරුකෝට්ටේ විසිඑකේ කණුව ප්‍රදේශයේදී අද (25) යුද හමුදා සෙබළෙකු ධාවනය කරමින් තිබූ යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීම නිසා යුද හමුදා සෙබළා මියගොස් ඇතැයි ගිරාදුරුකෝට්ටේ පොලීසිය පවසයි. 25 June 2018
ජාතික පොසොන් උත්සවයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 2800 මෙවර ජාතික පොසොන් උත්සවයේ ආරක්ෂාවට අනුරාධපුර නගරයට පොලිස් නිළධාරීන් 2800 ක් පමණ යොදවා ඇති බව අනුරාධපුර කොට්ඨාස බාර පොලිස් අධිකාරි තිලිණ හේවා පතිරණ මහතා ප්‍රකාශ කළේය. 25 June 2018
බඹර ප්‍රහාරයකින් වලස්මුල්ලේ පාසලක් මුරකරු ඇතුළු සිසුන් 5ක් රෝහලේ වලස්මුල්ල හොරේවෙල මහ විද්‍යලය ඉදිරිපිට වත්තක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම නිසා පාසල් සිසුන් පස් දෙනෙකු හා පාසලේ මුරකරු තුවාල ලබා වලස්මුල්ල රෝහලට ඇතුළු කර ඇත. 25 June 2018
ගාල්ලේ ව්‍යාපාරිකයකුගේ ගෙයක් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට ගාල්ල වටරැක සෝභිත මාවතේ ව්‍යාපාරිකයකුගේ නිවසක් නිවැසියන් බැහැරට ගොස් සිටියදී බිඳ රුපියල් 48,000ක් වටිනා පෞරාණික පිත්තල භාණ්ඩ සොරා ගත් හෙරොයින් පානයට ඇබ්බැහිවුවෙකු අද (24) රාත්‍රී සැකපිට බෝපේදී අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලීසිය කියයි. 25 June 2018
‘නියඟයෙන් හානි වුවනට වන්දි ලැබී නෑ’ පසුගිය වසරේ මාස් කන්නයේ නියඟයෙන් හානිවු කුඹුරු වෙනුවෙන් ලැබිය යුතු වගා හානි වන්දි මුදල් කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් මෙතෙක් තමන්ට ලබා නොදුන් බව හොරොව්පොතාන ගොවියෝ පවසති. 24 June 2018
නන්පේරියල් පාර දැඩි ලෙස අබලන් බලංන්ගොඩ නන්පේරියල් ගම්මානය දක්වා ඇති ප්‍රධාන මාර්ගය දැඩි ලෙස අබලන්ව ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියෙන් හෝ වතු සමාගම විසින් නඩත්තු නොකිරීමෙන් ජන ජීවිතයට පීඩා එල්ල වී තිබේ. 24 June 2018
ගලේවෙල වෙළෙඳසලක් ගින්නෙන් දැවෙයි ගලේවෙල බේලියකන්ද ප්‍රදේශයේ වෙළදසැලක හටගත් ගින්නකින් වෙළෙදසැල සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 24 June 2018
වෑන් රියක් අඩි 300ක ප්‍රපාතයකට පෙරැළෙයි කොළඹ සිට තලවකැලේ ආගරපතන දක්වා ධාවනය වු කුඩා වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300 ක් පමණ යුත් ප්‍රපාතයකට පෙරලී එම වෑන් රථයේ රියදුරා සහ වෑන් රථයේ ගමන් ගත් අයෙක් බරපතල ලෙස තුවාල ලබා ලිදුල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මුලික රෝහලට මාරු කර තිබේ. 24 June 2018
තුවක්කුවක් සමග පුද්ගලයකු අත්අඩංගුවට මෙරට සාදන ලද බෙහෙත් කොටන තුවක්කුවක් සමග එක් පුද්ගලයෙකු අද (23) දියබෙදුම වඳරදවිගේඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව දියබෙදුම පොලිසිය කියයි. 23 June 2018
කාසල්රි ජලාශයේ නාඳුනන මළසිරුරක් කාසල්රි ජලාශයේ පාවෙමින් තිබු පිරිමි මල සිරුරක් අද (23) පස්වරුවේ එහි තිබී හමුවූ බව නොර්වුඩ් පොලිසිය පවසයි. 23 June 2018
බසයක ගැටී කාන්තාවක මරුට හැටන් සිට මස්කෙලිය දක්වා ධාවනය වු බස් රථයක ගැටි මානසික රෝගයෙන් පෙලෙන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නොර්වුඩ් පොලිසිය කියයි. 23 June 2018
තැපැල් සේවකයෝ තංගල්ලේදී විරෝධතාවයක ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන තැපැල් සේවකයින් ආරම්භ කල වැඩ වර්ජනයට රජයෙන් සාර්ථක පිළිතුරක් නොලැබීම නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් සේවකයෝ අද (23) තංගල්ල නගරයේදී විරෝධතාවයක නිරත වූහ. 23 June 2018
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026