(ඩබි ඒ පියතිලක)
සොමාවැතිය පුද බිමේ රාජකාරියේ නිරත යුද හමුදා සෙබළෙකු පුදබිමට පැමිණි වන අලියෙකු පන්නා දැමිම සදහා අලි වෙඩිල්ලක් දැමිමට ගොස් එම වෙඩිල්ල සිය අතෙහිම පිපිරීයාම නිසා අතකට බරපතල හානි සිදු වි පොළොන්නරුව මහ රෝහලට ඇතුළු කර තිබේ .
මෙසේ අනතුරට පත්ව ඇත්තේ මින්නේරිය 7 වැනි කාලතුවක්කු බළකායට අනුයුක්තව සොමාවැති පුදබිමේ පිහිටවා ඇති යුද හමුදා මුර පොලේ සේවය නියතු ටි .බි. යු පියතිස්ස (33) යුධ හමුදා සෙබළාය.
සොමාවැතිය උද්‍යානයේ සිට සොමාවැතිය රජ මහා විහාරස්ථානයේ බෝමළුව දෙසට වන අලියෙකු එන බව බැතිමැතුන් පැවැසිමත් සමඟ වහා කි‍්‍රයාත්මක වු යුද හමුදා සෙබළුන් වන අලියා එලවා දැමිම සදහා අලි වෙඩි දමන අවස්ථාවේදී එක් අලි වෙඩිල්ලක් අතේ පත්තු විම නිසා මෙම සෙබළා තුවාල ලබා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd