අමදෝරු අමරජීව
නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යනය පීඨයේ උද්ගත වී ඇති අර්බුදය සොයා බලා විසඳුමක් ලබාදීමට නැගෙනහිර ආණ්ඩුකාර නීතීඥ රෝහිත බෝගොල්ලාගම මහතා ඒක පුද්ගල කමිටුවක් පත්කර තිබේ.
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන) එච්.ඊ.එම්.ඩබ්.ජි.දිසානායක මහතාව මෙම ඒක පුද්ගල කමිටුවට ආණ්ඩුකාරවරයා නම් කර තිබේ. එම පිඨයේ සිසුන් පිරිසක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී ආණ්ඩුකාරවරයා හමුවී එම පීඨය තුළ උද්ගත වී ඇති අර්බුදය පිළිබඳව දැනුවත් කිරිමෙන් පසු ආණ්ඩුකාරවරයා මෙම පියවර ගෙන ඇත.
සිසුන් යොමුකර කරුණු සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරියට යොමුකර විසඳුම් ලබාගැනීම මෙම ඒක පුද්ගල කමිටුව වෙත පැවරීමට ආණ්ඩුකාරවරයා බලාපොරොත්තු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd