(හැටන් රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජලාශයේ පාවෙමින් තිබු පිරිමි මල සිරුරක් අද (23) පස්වරුවේ එහි තිබී හමුවූ බව නොර්වුඩ් පොලිසිය පවසයි.
නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වෙලි වත්තට පහළින් ජලාශයේ මෙම සිරුර පාවෙමින් තිබියදී සොයාගත හැකිවිය.
ධීවරයින් විසින් එය දැක ඒ බව නොර්වුඩ් පොලිසියට දැනුම් දී ඇත.
වයස අවුරුදු 45 පමණ ඇති මෙම නාඳුනන මළසිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නොර්වුඩ් පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd