( ඩී. කේ.රත්න )
පොලිස් නිළධාරීන් ලෙස පෙනී සිටිමින් ඌවපරණගම මැදවෙල ප‍්‍රදේශයේදී එළ ගවයින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකුගෙන් රුපියල් හත්දහසක කප්පම් මුදලක් ලබා ගත් බවට යුද හමුදා සෙබළෙකු ඇතුලූ පුද්ගලයින් දෙදෙනෙකු අද (26) අත්අඩංගුවට ගෙන ඇතයි අඹගස්දෝව පොලීසිය කියයි.
ඌවපරණගම මැදවෙල ප‍්‍රදේශයේම පදිංචි කොළඹ ප‍්‍රදේශයේ යුධහමුදා කඳවුරක සේවයේ නියුතු පුද්ගලයෙකු හා මැදවෙල ප‍්‍රදේශයේම පදිංචි අයෙකු අඹගස්දෝව පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මස් පිණිස එල ගවයින් රැගෙනයමින් සිටි පුද්ගලයෙකු වෙත පැමිණි මෙම දෙදෙනා තමන් පොලීසියෙන් බව පවසා එළ ගවයින් රැගෙනයාමට නම් රුපියල් හත් දහසක මුදලක් ලබා දෙන ලෙස පවසා එම මුදල ලබා ගත් බව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොලිස් නිලධාරීන් යැයි පවසා කප්පම් ගත් දෙන්නෙක් අත්අඩංගුවට