IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගාල්ලේ ව්‍යාපාරිකයකුගේ ගෙයක් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට


 
ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා    

           
ගාල්ල වටරැක සෝභිත මාවතේ ව්‍යාපාරිකයකුගේ  නිවසක් නිවැසියන් බැහැරට ගොස් සිටියදී බිඳ රුපියල් 48,000ක් වටිනා පෞරාණික පිත්තල භාණ්ඩ සොරා ගත් හෙරොයින් පානයට ඇබ්බැහිවුවෙකු අද (24) රාත‍්‍රී සැකපිට බෝපේදී අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලීසිය කියයි. 


සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී කළ අනාවරණයට අනුව සොරා ගන්නා ලද භාණ්ඩ ද ගෝනියක දමා ගැට ගසා වටරැක කැලෑවක සඟවා තිබියදී පොලීසිය බාරයට ගෙන තිබෙන බවයි.


31 හැවිරිදි සැකකරු බෝපේ පදිංචිකරුවෙක් වන අතර  අවිවාහකයෙකි. සොරා ගන්නා ලද භාණ්ඩ අතර පිත්තල මල්වාස් 04 ක්, කුකුළා පිත්තල පහනක්, සහ වසර 100 ක් පැරණි පිත්තල කළයක් ද වන බව පොලීසිය කියයි.


අත්අඩංගුවට පත් සැකකරු සමඟ පොලිසිය බාරයට ගන්නා ලද පිත්තල භාණ්ඩ අද (25) ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ගාල්ලේ ව්‍යාපාරිකයකුගේ ගෙයක් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 447 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site