IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘නියඟයෙන් හානි වුවනට වන්දි ලැබී නෑ’

(දයාරත්න ඇඹෝගම)
 
පසුගිය වසරේ මාස් කන්නයේ නියඟයෙන් හානිවු කුඹුරු වෙනුවෙන් ලැබිය යුතු වගා හානි වන්දි මුදල් කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් මෙතෙක් තමන්ට ලබා නොදුන් බව හොරොව්පොතාන ගොවියෝ පවසති.


හොරොව්පොතාන අන්දරගොල්ලෑව ගොවි සංවිධානයේ සභාපති එස්.ඩී.ජයසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් මෙසේ පැවසීය.


හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2017 මාස් කන්නයේ වගා කළ කුඹුරු අක්කර දහස් ගණනක් නියඟයෙන් විනාශ වුණා.


අපි රුපියල් 675 ගානේ මුදල් ගෙවලා කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් කුඹුරු වලට රක්ෂණ ආවාරණයකුත් ලබා ගෙන තිබුණා. අක්කරයකට රුපියල් 40,000 ගානේ වන්දි මුදලක් ගෙවනවා කීවත් මෙතෙක් වන්දි මුදලක් ලැබුණේ නැහැ.


ගොවිතැන් කරන්න ගත්ත ණය තුරුස් අප්‍රමාණයි. කණකර පවා බැංකුවලට උකස් කර තිබෙනවා. කුඹුරු සී සැවේ ණයට. සල්ලි ඉල්ලලා ට්‍රැක්ටර් හිමියෝ ගෙවල් වලට එනවා. අපි මේ සම්බන්ධයෙන් කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරින්ට කිහිප වතාවක්ම පැමිණිලි කළා. හැමදාම කියනවා. ලබන සතියේ වන්දි ගෙවනවා කියලා.


ඒ වුණාට ඒ පොරොන්දුව සතියෙන් සතිය කල් ගිහින් දැන් අවුරුද්දකටත් ලංවෙලා තිබෙනවා.කඩිනමින් මේ වගා හානි වන්දි මුදල් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව අන්දරගොල්ලෑව ගොවි සංවිධානයේ සභාපතිවරයා පැවසීය.


මේ සම්බන්ධයෙන් කෘෂි රක්ෂණ මණ්ඩලයේ අනුරාධපුර නියෝජ්‍ය අධ්‍යක්ෂ එන්.සී.මුණසිංහ මහතා ගෙන් කළ විමසුමේදී ඔහු මෙසේ පැවසීය. හොරොව්පොතාන කොට්ඨාසයෙන් ලැබුණු සියලු අයදුම්පත් ලේඛන ගත කරලා ප්‍රධාන කාර්යාලයට යවා තිබෙනවා.


මේ සතිය අවසන්වීමට පෙර එම මුදල් වගා හානිවු ගොවියන්ගේ බැංකු ගිණුම්වලට යොමු කළ හැකිවනු ඇතැයි ද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා මෙහිදී පැවසීය.



අදහස් (0)

‘නියඟයෙන් හානි වුවනට වන්දි ලැබී නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site