(උපාලි ආනන්ද)
මෙවර ජාතික පොසොන් උත්සවයේ ආරක්ෂාවට අනුරාධපුර නගරයට පොලිස් නිළධාරීන් 2800 ක් පමණ යොදවා ඇති බව අනුරාධපුර කොට්ඨාස බාර පොලිස් අධිකාරි තිලිණ හේවා පතිරණ මහතා ප‍්‍රකාශ කළේය.
මෙවර පොසොන් උත්සවයේ ආරක්ෂක විධිවිධාන යොදා ඇති අකාරය පිළිබඳව විමසීමේදී පොලිස් අධිකාරි හේවා පතිරණ මහතා මේ බව කීවේය
එම ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් අනුරාධපුර කොට්ටාශ බාර පොලිස් අධිකාරි තිලිණ හේවා පතිරණ මහතා මෙසේද කීවේය.
‘මෙවර පොසොන් උත්සවයේ ආරක්ෂක රාජකාරි සදහා පොලිස් නිළධාරීන් 2800 ක් පමණ යොදවා තිබෙනවා. අනුරාධපුර සහ මිහින්තලේ වශයෙන් ආරක්ෂක කලාප දෙකකට බෙදා වෙන් කරලයි මෙම ආරක්ෂක කටයුතු ක‍්‍රියාත්මක වෙන්නේ .
පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ විශේෂ වැටලීම් ඒකකද මෙම පොලිස් භට පිරිසට අයත් විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ගැට කපන්නන් අත් අඩංගුවට ගැනීමට මාගේ සහ සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ පොසොන් සතිය තුළ විශේෂ වැටලීම් ක‍්‍රියාත්මකයි .
බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීෙමි මෙහෙයුම් වලට සහ රථ වාහන රාජකාරි සදහා ද විශේෂ පොලිස් කන්ඩායම් යොදවා සිටිනවා.
බීමත් රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට මා අදාල නිළධාරීන්ට නියෝග ලබාදී තිබෙනවා. ආගමික මුහුණුවරින් බැහැරව ආගමික පසුබිමට හානි වන අයුරින් විවිධ විනය විරෝධී සහ සදාචාර විරෝධී ක‍්‍රියා වල නියැලෙන පුද්ගලයින් සහ කන්ඩායම් සමිබන්ධයෙන් පොලිසිය දැඩිව කටයුතු කරනවා .
2025 දෙසැම්බර් මස 18
447
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික පොසොන් උත්සවයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 2800