(ඩී.කේ.රත්න)
බදුල්ල වැල්ලවාය ප‍්‍රධාන මාර්ගයේ වැල්ලවාය එකේ කණුව හීනපහුව ප‍්‍රදේශයෙදී පාර මාරුවීමට ගිය විදේශිකයකු අද (26) දහවල් පෞද්ගලික බස් රථයක හැපීමෙන් මියගොස් ඇතයි වැල්ලවාය පොලීසිය පවසයි.
ප‍්‍රංශ ජාතික ආන්දේ ඇල්බට් (78) නැමති පුද්ගලයෙකු මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබේ.
මෙම පුද්ගලයා ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙමින් සිටියදී වැල්ලවාය ප‍්‍රදේශයට පැමිණ වැල්ලවාය එකේ කණුව හීනපහුව ප‍්‍රදේශයේ මාර්ගය අසල පිහිටි සංචාරක හෝටලයකට ගොස් නැවත පාරමාරුවීමේදී බදුල්ල සිට මාතර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක හැපීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
මියගිය විදේශීය පුද්ගලයාගේ මෘත දේහය වැල්ලවාය මූලික රෝහලේ තැන්පත් කර ඇත.
සිද්ධියට සම්බන්ධ පෞද්ගලික බස්රථය සහ බස් රථයේ රියදුරු වැල්ලවාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලවාය පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බසයේ හැපී විදේශිකයා මරුට