IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බලපත් නොමැතිව රැගෙන ගිය දැව සමඟ ලොරිය අත්අඩංගුවට

( ඩී.කේ.රත්න)

බලපත‍්‍ර නොමැතිව ලොරියකින්  ප‍්‍රවාහනය කරන ලද දැව තොගයක් සමඟ එම දැව තොගය ප‍්‍රවාහනය කළ ලොරි රථයද අත්අඩංගුවට ගැනීමට අද ( 26) වැලිමඩ පොලිසිය සමත්ව තිබේ. 

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත කැප්පෙටිපොල - බෝගහකුඹුර මාර්ගයේ මාදෝවිට ප‍්‍රදේශයේදි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

පොලිසිය මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදි අදාල දැව තොගය ප‍්‍රවාහනය කළ ලොරි රථය කාර්මික දෝෂයකට ලක් විම හේතුවෙන් ලොරි රථයේ රියදුරු ලොරි රථය මාර්ගයේම දමා පලා ගොස් තිබේ. 

මයික්‍රෝ වර්ගයේ ඉරූ තොගයක් මෙලෙස බලපත‍්‍ර නොමැතිව ප‍්‍රවාහනය කර ඇති අතර එම දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ එක හමාරකට අධිකය. 

වැටලීමේදි පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති අතර බණ්ඩාරවෙල කොට්ඨාශ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.ඩබ්ලිව්. හේරත් මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරති.



අදහස් (0)

බලපත් නොමැතිව රැගෙන ගිය දැව සමඟ ලොරිය අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 447 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site