ඔගස්ටින් ප‍්‍රනාන්දු
යතුරුපැදියකින් යමින් විවිධ ප‍්‍රදේශයන් හි මාවා නමැති මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ප‍්‍රශ්න කිරිමෙන් පසු මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් තුන් දෙනෙකුත් අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි .
එක්තරා පිරිසක් මුන්දලම ප‍්‍රදේශයේ පාසල් සිසුන් හා තරුණයන් වෙත මත්ද්‍රව්‍ය අලෙවි කරනු ලබන බවට පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති චමිපික සිරිවර්ධන මහතා වෙත ලැබුණු තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 ත් 27 ත් අතර පසුවන්නෝ වෙති.
ඡායාරූප ජයරත්න වික්‍රමරාච්චි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd