IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉමදූව ප්‍රා.සභාවේ ගැටුමක්


 
ඩී.ජී.සුගතපාල            
           

                
ඉමදුව ප්‍රාදේශීය සභාව අද (19) රැස්වු අවස්ථාවේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ඒ.ජී.අරුණ මන්ත්‍රීවරයා සහ සභාපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර ඇතිවු මත ගැටුමක් නිසා සභාව එකම ගාලගෝට්ටියක් වු අතර සිදුවිමට ගිය ගුටිබැට හුවමාරුවක් ද නුලෙන් වැළකී ගියේය.


සභාපති ඒ.වී.සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී රැස්වීම පැවැත්විණි.


සභාව ආරම්භ වීමෙන් පසුව සභාපතිවරයා ආදාහනාගාරයේ මිල ගණන් වැඩි කිරිමේ යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී.අරුණ මහතා එයට දැඩි ලෙස විරෝධය පලකරමින් අදහස් දක්වන්නට වීමත් සමඟ සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය.


මන්ත්‍රිවරයා පැවසුවේ මේ සභාවේ තීන්දු ගන්නේ තනියම නිසා මෙයට සහාය දිමට නොහැකි බවය. විදී පහනක් ඉල්ලුවම නොදෙන බවත් තමාගේ අතින් වියදම් කර විදී පහනක් සවි කිරිමටවත් ඉල්ලු විට එයටද ඉඩ නොදෙන බවත් අපි ඉල්ලන්නේ අපේ අයිතිවාසිකම් බවත් කියමින් මන්ත්‍රීවරයා තවදුරටත්  ආවේගශීලිව අදහස් දක්වන්නට විය.


එම අවස්ථාවේ සභාපතිවරයා ඔහුට වාඩිවන ලෙස කියා සිටි විට මන්ත්‍රීවරයා කියා සිටියේ තමා වාඩි නොව බවයි.
සභාපති “මන්ත්‍රිතමා වාඩිවෙන්න“


එවිට ‘නැහැ මම වාඩි වෙන්නේ නැහැ මොනවා කරන්නද “ කියමින් මන්ත්‍රීවරයා මේසය උඩ තිබු වතුර විදුරුවට සහ නාම පුවරුවට පුටුවටද ගසා මේසය උඩ නැග්ගේය.


මෙහිදී සභාපතිවරයා සහ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ද සභාපතිවරයාට සහාය දක්වමින් කතා කරන්නට වුහ.


“ඡන්ද 300ක් අරගෙන අපට පාට් දාන්න එනවා ඒ සෙල්ලම් දාන්න බැහැ‘කියමින් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු තර්ජනය කරන්නටද විය.


“මහින්ගේ කරපිටින් පිනට ආවේ නැහැ. අපි ආවේ ඡන්දෙන් “කියමින් මන්ත්‍රීවරයාද කෑගසන්නට වීමත් සමඟ සභාව යළිත් එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
 



අදහස් (0)

ඉමදූව ප්‍රා.සභාවේ ගැටුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site