(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
නුවරඑළිය ගැල්වේස් ජාතික වන උද්‍යානයට සතියකට පමණ පෙර පිදුරුතලාගල රක්ෂිතයෙන් හෝ සීතාඑළිය හග්ගල රක්ෂිතයෙන් පැමිණි දිවියෙකු අල්ලා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතාගේ උපදෙස් මත මේ දිනවල ක්‍රියාත්මක වේ.
නුවරඑළිය ගැල්වේස් ජාතික වනෝද්‍යානයට පිවිසෙන බරොස්පාර, හැව්ලොක් පාර ආශ්‍රිතව නිවෙස් වල සිටි සුනඛයින් කීපදෙනකු අතුරුදන්වීමක් පසුගිය දිනක උද්‍යානයට ආසන්න නිවසක සවිකර තිබු CCTV කැමරාවක දැවැන්ත දිවියෙකු බල්ලන් දෙදෙනකු පසුපස හඹායන සටහන සමඟම ස්ථීර ලෙස දිවියෙකු ගැල්වේස් ජාතික උද්‍යානයට පැමිණ ඇතිබව තහවුරු කරගැනීමට වනජීවිට හැකි වි ඇත. ඒත් සමග මෙම දිවියාගේ පා සටහන් ගණනාවක්ද උද්‍යානයේ කීප තැනකින් හදුනාගැනීමට වනජීවි නිලධාරින්ට හැකි වි ඇත.
මෙම දිවියාගෙන් අවට ප්‍රදේශවල ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් වේ යැයි නුවරඑළිය දිසා ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ගැල්වේස් ජාතික උද්‍යානයේ භාරකරු වෙත ලිඛිතව දන්වා ඇත්තේ ඒ සදහා සුදුසු පියවරක් ගන්නා ලෙසයි.
ඒ අනුව ගැල්වේස්ලැන්ඩ් ජාතික උද්‍යානයේ භාරකරු වු එම් ජි විමලරත්න මහතා නල්ලතන්නියේ වනජීවි කාර්යාලයෙන් දිවිලා ඇල්ලීමට කූඩුවක් ගෙන්වා එය ජාතික උද්‍යානයේ පස්වරු කාලයේ ඇටවීමට කටයුතු කර ඇත.
මෙම දිවියා අල්ලා ගැනීම සඳහා ගැල්වේස් ජාතික උද්‍යානයේ නිලධාරින් සමඟ හග්ගල වනජීවි කාර්ය මණ්ඩලයද එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

2025 දෙසැම්බර් මස 18
452
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැල්වේස් ජාතික වනෝද්‍යානයට පැමිණි දිවියකු ඇල්ලීමට මෙහෙයුමක්