IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


වාහන වලින් භාණ්ඩ සොරාගත් ආබාධිත රණවිරුවෙක් අත්අඩංගුවට

( සුමතිපාල දීයගහගේ සහ ජේ කේ එල් චාමින්ද )
 
මහ මඟ නවතා ඇති ත්‍රී රෝද රථවලින් භාණ්ඩ සොරකම් කරන ආබාධිත විශ්‍රාමික රණවිරුවෙකු බූස්ස පන්සල පාරේදී අත්අඩංගුවට ගත් බව ගාල්ල  වරාය පොලිසිය පවසයි.
 

ගාල්ල මාගාල්ලේ වෙළදසැලක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකු මීට දින කීපයකට පෙර උදේ නිවසේ සිට සිගරට් කිරිපිටි ඇතුලු භාණ්ඩ තොගයක් ත්‍රී රෝද රථයකින් ගෙනවිත් වෙළදසැල ඉදිරිපිට රථය නවතා වෙළදසැල විවෘත 
කිරිමට ත්‍රී රෝද රථයෙන් බැස ගොස් ඇත.
 

එම අවස්ථාවේ ත්‍රී රෝද රථයේ තිබූ සිගරැට් තොගයක් ඇතුලු තවත් භාණ්ඩ කීපයක් අතුරුදහන්වී ඇති බව දැන ගත් ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිලිකර තිබේ.
 

ඒ අනුව පරික්ෂණ පැවැත්වු ගාල්ල වරාය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන සොරකම් කරන ලද සිගරැට් ඇතුලු භාණ්ඩ කීපයක්ද සොයා ගෙන ඇත.

ආබාධිත විශ්‍රාමික සෙබලෙකු වන මොහු රුපියල් හැත්තෑ අට දහසක විශ්‍රාමික වැටුපක් ලබන අයෙකු බවත් සැකකරු අධික ලෙස හෙරොයින් පානය කිරිමට ඇබ්බැහිවි ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මිට පෙරද මහමඟ නවතා තිබූ ත්‍රි රෝද රථ කීපයකින්ම මොහු දේපොල සොරකම් කර ගෙන ගොස් ඇති බව අනාවරනයවී ඇතැයිද පොලිසිය පැවසිය.

සැකකරු අද (14) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. ගාල්ල වරාය පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

වාහන වලින් භාණ්ඩ සොරාගත් ආබාධිත රණවිරුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31668 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14128 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11109 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site