මුදල් ඔට්ටුවට සූදු කෙළියේ යෙදී සිටි 5 ක් අත්අඩංගුවට
නවගත්තේගම පොලිස් වසමට අයත් කැලේවැව මීඔය අයිනේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි බව කියන පුද්ගලයන් පස්දෙනෙකු රුපියල් පහළොස් දහස් එකසියයක මුදලක්, බූරුකුට්ටමක් හා පැදුරක් ද සමඟ අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.