IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රෝගී වී සිටි අලි පැටවෙක් කරුවලගස් වැව වනජීවි කාර්යාලයට

(රෝවන් පෙරේරා) 


කුඩා මැදවච්චිය ප්‍රදේශයේ රෝගීවී සිටි අලි පැටවකු කරුවලගස්වැව වනජීවී කාර්‍යාලය අසලට රැගෙන ඒමට  වනජීවී නියෝජ්‍ය අමාත්‍ය  පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (12) රාත්‍රියේදී කටයුතු කළේය.


කරුවලගස්වැව කුඩා මැදවච්චිය ප්‍රදේශයේ ‍පුද්ගලික වත්තක රෝගීවී වැටී සිටී වයස අවුරුදු පහක පමණ වන අලි පැටවා ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම අනුව ප්‍රතිකාර කිරීම ආරම්භ කළ  බව කරුවලගස්වැව වනජීවී නිලධාරීහු පැවසුහ.


දින 10 පුරා ප්‍රතිකාර ලබමින් සිටී අලි පැටවා  අද (13 ) වෛද්‍යවරයාගේ උපදෙස් මත කරුවලගස්වැව වනජීවී කාර්‍යාලය අසල පිහිටි තබ්බෝව ජලාශයට රැගෙනවිත් වැව් තාවල්ලේ පිහිටි ගසක බැඳ තබා ඇති අතර අලි පැටවා ජලාශයට බැස සිටී.


අලි පැටියා සිටින ස්ථානයට රුපියල් 30,000 පමණ  වටිනා සූර්‍ය බල විදුලි පහනක් සහා සෝලා පැනලයක්ද  තම මියගිය පුතාට පිං පිණිස ලබාදුන් බවත් අමාත්‍යවරයා පැවසීය.

 



අදහස් (0)

රෝගී වී සිටි අලි පැටවෙක් කරුවලගස් වැව වනජීවි කාර්යාලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site