(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල කණ්ඩලම පාර දෙකේ කණුව ප්‍රදේශයේදී වී මෝලක් පිටුපස සිටුවා තිබූ විශාල ගංජා ගස් දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලිසිය කියයි.
එම ගංජා ගස්හි කද අති විශාල ප්‍රදේශය වැඩී ඇති බවද පොලිසිය කියයි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ තමන් වී මෝලේ සේවය කරන අයකු බවත් මෙම ගස් දෙක එම ස්ථානයේ කාලයක් සිට තිබුණු බවත් ඒවා ගංජා ගස් බවට තමන් හඳුනා නොගෙන සිටි බවය.
පොලිසිය කියා සිටියේ ගංජා ගස් දෙකක් පිළිබඳව ප්‍රදේශවාසියකු විසින් ලබාදුන් තොරතුරක් අනුව වැටලීම සිදුකොට ගංජා ගස් දෙක සොයාගත් බවය. කෙසේවෙතත් බැලූ බැල්මට මෙම ගංජා ගස් දෙක මොහු විසින් වගා කළේ ද එසේත් නැත්නම් එම ස්ථානයේ පැළ වී තිබූ එකක්ද යන්න පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන වැඩට ආපු මුකුත් නොදන්නා අහිංසක මනුස්සයෙක්ද දන්නේ නැහැ. අපේ වත්තක තිබුනත් ගහ අදුරන්නේ නැත්නම් පොල් ගහක් තරම් උස යාවි. ගහක් ඉබේ වැවිල තිබුනොත් මහා විනාශයක්නේ වෙන්නේ.