IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගණිකා නිවාසයක් වටලා අක්කා නගෝ අත්අඩංගුවට


 (දිලීප් ජයසේකර )
 
සුරියවැව නගරයේ ලැගුම් හලක්  තුළ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා ගණිකා සේවයේ යෙදුණු අක්කා නගෝ දෙදෙනෙකු ඇතුළු තවත් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරියවැව පොලීසිය පවසයි.


ලැගුම් හලක්  පවත්වාගෙන ගිය පුද්ගලයා සහ ගණිකා සේවය ලබා ගැනිම සදහා පැමිණ සිටි සුරියවැව නගරයේ තරුණයන් 05 දෙනෙකි.


සුරියවැව පොලිසිය පිටුපස ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට යාබද ස්ථානයේ මෙම ලැගුම් හල පවත්වාගෙන ගොස් තිබේ.


සුරියවැව වල්සපුගල ප්‍රදේශයේ පදිංචි මෙම ලැගුම් හල පවත්වාගෙන ගිය හිමි කරු මෙම අක්කා නගෝ දෙදෙනා රැගෙන විත් මෙහි නවතා මෙම ජාවාරම සිදු කරගෙන ගොස් තිබේ.


 පොලීසියට ඔත්තුවකට අනුව හදිසියේ සිදු කළ  වැටලීමකදී මෙම අක්කා නගෝ දෙදෙනා හා ඔවුන්ගේ සේවය ලබා ගැනීමට පැමිණි තරුණයන් 05 දෙනෙකු සමඟ ලැගුම් හල් හිමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට පත් සැකකරුවන් අට දෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 



අදහස් (0)

ගණිකා නිවාසයක් වටලා අක්කා නගෝ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site