(දයාරත්න ඇඹෝගම)
මහවිලච්චිය මහවැවේ අඩු ජල ධාරිතාවයක් තිබියදී එම වැවෙන් කුඹුරු අක්කර 400 ක් පමණක් වගා කිරීමට විරෝධය දක්වමින් ගොවියන් පිරිසක් විසින් අද (14 ) දින ඔයාමඩුව හන්දියේදි දැවැන්ත උද්ඝෝෂණයක නිරත වුහ.
මහ විලච්චිය ඔයාමඩුව මංසන්ධියේ සිට පා ගමනින් මහවිලච්චිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණි ගොවීන් මහ විලච්චිය ප‍්‍රාදේශීය ලේකම්, කාර්යාලයේ නොසිටීම හේතුවෙන් පරිපාලන නිලධාරිවරයා සන්දේශයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ප‍්‍රධාන මාර්ගය ඔයාමඩුව මංසන්ධියෙන් හරස්කර විරෝධතාවයක නිරත විය.
මෙම හේතුවෙන් පැය හතරක පමණ කාලයක් පුරා වාහන ගමනාගමනයට බාධා එල්ල විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd