(මොහොමඩ් ආසික්)
අලවතුගොඩ පොලීසිය ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම අරමුණු කරගෙන සංවිධානය කළ මුස්ලිම් ජනතාවගේ උපවාස සීලය අවසන් කිරීමේ ඉෆ්තාර් උත්සවයක් අද (12) අකුරණ ප්‍රාදේශිය සභා කාර්යාලයේදී පැවැත්විණ.
අකුරණ ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මාවතුපොල පෙතිගෙපිටිය රජ මහා විහාරාධිපති හාරිස්පත්තුව ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරණගම පියරතන හිමියන් හින්දු ආගමික පූජකවරුන් ඇතුළු සර්ව ආගමික පූජ්‍ය පක්ෂය මෙන්ම මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්.එම්.පි. ද අල්විස්, අකුරණ ප්‍රාදේශිය සභාවේ සභාපති අයි.එම්. ඉස්තිහාර්, සහකාර පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එම්.එච්.ජයතිලක යන මහතුවරුන් ඇතුළුව විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් පුදුමයක් නොවෙයි.
"කාරිය කෙරෙතුරු කාගේත් රැවටිල්ල" ඒ කවි පදය මගෙන්වත් ඉගෙන ගන්න.
මහා ජාතිය වන සිංහලයා පහලට වැටිලා ලබන සංහිදියාව මොකක්ද?