ආයෝජන මණ්ඩල විසුරුවා හැරීම ගැන කොමිසමක් පත්කරන්නැයි ඉල්ලීමක්
ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කළේ ඒවායේ අක්රමිකතාවයන් හා දූෂණ නිසා බැවින් ඒ පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කොමිසමක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.