‘මාඝා ඉංජිනියරින් සමාගමේ’ පෙත්සම විභාගයට ගන්න අවසර
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නව මගී පර්යන්තය සැලසුම් කිරීම, ඉදිකිරීම හා බාර දීමේ කොන්ත්‍රාත්තුව රජයේ පිළිගත් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කරමින් සුදුසුකම් නොමැති සමාගමකට ලබාදීමට රජය සූදානම් වන බවත්, ඒ සඳහා සුදුසකම් ලැබූ තමන්ට එම කොන්ත්‍රාත්තුව ලබාදෙන ලෙසත් ඉල්ලා මාඝා ඉංජිනියරින් පෞද්ගලික සමාගම ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) අවසර ලබා දුන්නේය.