පාරමීට නිවාස දෙකක්
ආජන්ටිනාවේ පැවැති තුන්වන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශී‍්‍ර ලංකාවට කීර්තියක් ගෙන දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නිවාස දෙකක් පිරිනැමීමට රජය කටයුතු යොදාගෙන යන බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.