ගාල්ල ජේලර් ගැන පරීක්ෂණ වාර්තාව බන්ධන්ගාර කොමසාරිස්ට
මීටීයාගොඩ ප්‍රදේශයේ පාතාල කණ්ඩායමක් විසින් පවත්වාගෙන ගියැයි කියන හෙරොයින් බෙදාහරින ස්ථානයක සිටි බවට චෝදනා ලත් ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා සිදුකළ පරීක්ෂණ වාර්තාව අද (22) බන්ධන්ගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා වෙත යවා ඇත.