( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි විලත්තිකුලම් වනාන්තර කලාපය එළිකොට අනවසර ඉදිකිරීම් සිදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කර ඇති පෙත්සම ජුනි මස 28 වැනිදා විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය අද (22) දින නියම කර ඇත.
මෙම පෙත්සම අද (22) අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා තමන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වමින් මෙම නඩුවේ 4වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා විසින් මෙම රක්ෂිත වනාන්තර කලාපය අඛණ්ඩව හෙළි කරමින් සිටින බව දැනුම් දුන්නේය.
ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම් විභාගය ජුනි මස 28 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය දින නියම කරන ලදී.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පරිසරවේදියකු හා හිටපු පුවත්පත් කර්තෘවරයකු වන මලින්ද සෙනෙවිරත්න සහ නාගානන්ද කොඩිතුවක්කු යන අය විසිනි.
විල්පත්තුවේ තිබූ වනාන්තර කලාපය එළි පෙහෙළි කර අනවසර ඉදිකිරීම් හේතුවෙන් විශාල පාරිසරික අගතියක් සිදුව ඇති බව පෙත්සම්කරුවෝ පවසති.
එබැවින් අදාළ වනාන්තර හෙළි කර අනවසර ඉදිකිරීම් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට කවුරුත් කථා නෑ.
නාගානන්ද කොඩිතුවක්කු මහතාණෙනි, ඔබ පෞද්ගලිකව වියදම් දරමින් මේ නඩුව පවත්වාගෙන යන බව අපි දනිමු. එහෙත් ඔබට ලැබෙන්නේ නීතිඥ වෘත්තීය තහනම් වීමත් අධිකරණයෙන් දොස් ලැබීමත්ය. විල්පත්තුව එලි පෙහෙළි කරමින් මුදලාලිලා පදිංචි කරවමින් කරන මේ ජාතික ව්‍යසනය ගැන ගොළුවන් බිහිරන් සේ සිටින පාලකයන්ට හෙනඉල්ලීමට අමතරව ඔබට උදවු කිරීම රටේ සියලුම දේශප්‍රේමීන්ගේ යුතුකම බව සිතමි. ඒත් කෝ එහෙම අය?
පාට පක්ෂ භේදයෙන් තොරව මේ ප්රශ්නය දෙස බැලීම වැදගත්. අප ජාතිවාදී විය යුතු නැහැ. ඒත්, මේ රක්ෂිතය විනාශ කොට දැමීම කව්රු කලත් අනුමත කරන්නට බැහැ. මේ වන සංහාරයට වගකිවයුතු අයට තරාතිරම නොබලා දඬුවම් කල යුතුයි. ඒත්, ඒ දේ හරියටම වෙයි කියා සිතීමට බැහැ. මේ රජයෙන් ඔවුන්ට දඬුවම් කලොත්, ඔවුන් ඊළඟ රජයකට මුක්කු ගසනවා. මේ වෙලාවේ කුමන හෝ දේශපාලන පක්ෂ තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට තමයි මාන බලන්නේ. අනේ !!! මේ දේශපාලනයක් නිසා අපේ රට වැනසෙන හැටි. වැරදිකරුවෙකුට නිසියාකාරව දඬුවමක් දෙන්න බැහැ.
ජුනි 28 වෙනකොට වැළැක්වීමේ නියෝගයක් දෙන්න තරම් රක්ෂිතක් විල්පත්තුවේ ඉතිරි වෙන එකක් නෑ .....
සමහරවිට .... " විල්පත්තුව " එක්සත් ජාතික පක්ෂයේ ඉරණම වෙයි ..! ! !
ජුනි 28 වෙනකොට තව අක්කර ගාණක් සුද්ධ කරල තියෙයි
ඇයි හමුදාව විල්පත්තුව බාරගන්නේ නැත්තේ ? විල්පත්තුවේ ඉන්න මිනිස්සු ඒ තැන්වලින් එළියට අරගෙන ..... ඒ අයට වෙන තැනක නිවාස පහසුකම් සලසාදීල , විල්පත්තුවේ නැවතත් ගස් .. කෝලන් හිටවල වනාන්තරයක් බවට පත්කරන්න පුළුවන් නේද .. ඇයි මෙව්වා මේ විදිහට හිතන්න , කල්පනාකරන්න වගකියයුත්තන්ට මොලයක් නැත්තේ ? මම පරිසර ඇමති උනානම් ... මම ඉස්සෙල්ලම මේ විදිහට තමයි විල්පත්තුවේ ප්රශ්නය විසදන්නේ !
සුළුතර ඡන්ද හිඟාකන දේශපාලකයෝ ඉන්න තාක් කල් මේ රට විනාශ වෙන එක විතරයි වෙන්නේ... චන්ද්‍රිකාගේ කාලේ වරාය දීලා පටන් ගත්තේ මේ මිනිස්සුන්ට ඊට පස්සේ නීතිය, උසස් අධ්‍යාපනය, නැවත පදිංචි කිරීම්, වෙළඳ ඔය වගේ රටේ වැදගත් අංශ මේ මිනිස්සුන්ට දීමේ අනිසි ප්‍රතිඵල අපේ මතු පරපුරට විඳින්න වෙනු ඇත. වේගයෙන් රට ඉස්ලාම්කරණය කිරීමට බලන් ඉන්න අයට ඉනිමන් තිබ්බා වගේ වැඩක් වුණේ... මේ වගේ වැරදි තීරණ නිසා. විල්පත්තුව තවත් උදාහරණයක්....
රටේ සමස්ත ජනතාවටම බලපාන විල්පත්තු වනය විනාශකරන මේ මහා පාරිසරික ගැටලුව, දේශපාලන බඩගොස්තර වාදීන්, පක්ෂ දේශපාලන මෙවලමක් කර ගන්න උත්සක කරත්, රටේ බුද්ධිමත් ජනතාව මෙහි සැබෑ යතාර්ථය තේරුම් ගෙන හමාර බව ඒ මෝඩයින් දැනගත යුතුයි. මෙහි නම සඳහන් කොට ඇති 4 වෙනි වග උත්තර කාරයාගේ, නමට අමතරව, මේ ව්‍යසනයට වගකිව යුතු හා උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ, එම ව්‍යසනයට අනුමැතිය ලබා දුන් තක්කඩි දේශපාලකයින් ගැන මේ රටේ ජනතාව දැනුවත් බවත් ඔවුන් දන ගත යුතුයි. විල්පත්තුව වන විනාශයට එරෙහිව නාහෙන් හඬන කිසිවෙක්, මේ ව්‍යසනයට එරෙහිව, අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන සැබෑ ලෙසම එයට එරෙහිව සටනක් කරන නාගානන්ද කොඩිතුවක්කු මහතා ගැන කිසිඳු වචනයක් පවා සඳහන් නොකරන මිනිසුන්ගෙන්ම පේනවා, ඔවුන්ගේ මන්ද මානසික වහල් බව?