IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බීඩි කොළ ගෝනි 41 සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී  බීඩි කොළ සහිත ගෝනි  41 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදාව අත්අඩංගුවට  ගෙන තිබේ.
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (22) මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී  බීඩි කොළ කිලෝග්‍රෑම් 1547.68 ක ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම බීඩි කොළ ඩිංගි යාත්‍රාවක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති  බවවට සැක කරන බව නාවික හමුදාව පවසයි.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 28, 30 සහ 35 වන වියෙහි පසුවන තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම බීඩි කොළ තොගය සහ පුද්ගලයින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

තවද, පසුගිය දින කිහිපයක සිට නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශයෙන් කරනු ලැබූ සොදිසි කිරීම් වලින් මේවන විට බීඩී කොළ කිලෝ ග්‍රෑම් 2787.3 ක ප්‍රමාණයක් ‍අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇති අතර තවදුරටත් නාවික හමුදාව සොදිසි මෙහෙයුම් සිදුකරමින් සිටී.

(36698)



 (ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය) 
 



අදහස් (0)

බීඩි කොළ ගෝනි 41 සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site