(බිඟුන් මේනක ගමගේ)
පළාත් සභා මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV ) ඉදිරි දෙසතිය ඇතුළත රජයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩු පවරන බව එහි සමකැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා 'ලංකාදීප' යට කීය.
ඒ අනුව පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා, මැතිවරණ කොමිසම හා නීතිපති වගඋත්තරකරුවන් කරමින් මෙම නඩු පැවරීම සිදුවන බව ආචාර්ය සරවනමුත්තු මහතා අවධාරණය කර කීය.
ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා මෙම අදහස පළ කළේ ලංකාදීප සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
මැතිවරණ නිසි කලට නොපැවැත්වීම ප්රජාතන්ත්රවාදයට හිතකර නොවනවා මෙන්ම එයින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී ඇති බව ද සරවනමුත්තු මහතා කීය.
ජනතාව යහපාලන ආණ්ඩුවකින් මෙවැනි තත්ත්වයක් අපේක්ෂා නොකළ බවත් මෙය තනිකරම ප්රජාතන්ත්රවාදයේ විකෘතියක් බවත් ආචාර්ය සරවනමුත්තු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පළාත් සභා 6 ක් මේ වන විට කාලය අවසන්වීම නිසා මන්ත්‍රීවරුන් නොමැතිව ආණ්ඩුකාරවරයා යටතේ පාලනය වන අතර ඉතිරි පළාත් සභා තුනෙන් දෙකක නිල කාලය අප්‍රේල් මාසයෙන් අවසන් වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ දන්නවා ජනතාවගේ තීන්දුව. අකුලාගෙන ගෙදර යන්න වෙන බව දන්නවා...
පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව මුළු රටම දන්නවා. මෙය අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ අය පෙනී සිටින්නේ වෙනත් අය වෙනුවෙන්. ඒ ගැන ඔප්පු කිරීමට මට ඕන තරම් කරුණු ඇත.
අපිට ඕන 9ම එකවර තියන්න. සියලුම මැතිවරණ මාස 6ක කාලයක් තුළ තියන්නේ නම් පාලනයට පහසුයි වියදම් අඩුයි.
මේ පළාත් සභා සුදු අලියා තව දුරටත් අපට ඕනෑද? අපි ගෙවන බදු මුදල්වලින් කකා බිබී තක්කඩි දේශපාලකයන් හොරමැරකම් සඳහා ප්‍රායෝගික පුහුණුව ලබන පීටය තමයි පළාත් සභාව… ඔය මැතිවරණය පවත්වන්න කෝටි පන්හයසීයක් වැය වෙනවා… වියදම් කරන්නේ අපි ගෙවන බදු මුදල්වලින්...ඕක ඔය විදිහටම නැතිබංග ගියානම් ලොකු දෙයක්…. අම්මපා
පළාත් සභා වලට ගියත් හරියට ඇමතිලා වගේ. සේවකයෝ සහ වාහන තොගය කොතරම්ද. බලන් ඉද්දි දේපල වැඩි කරගන්නවා. මොනවාද ඒ ඇත්තන් සමාජයට කරන යහපත. නාස්ති කරන්නේ කාගේ මුදල්ද ? ඊට ඉස්සෙල්ල රටට අහිමි වූ දේපල , මුදල් වංචා ටික හොයලා දඩුවම් දෙන්න. ඒ අය කෙරුවේ සමාජ සේවයක් නෙමේ රට සුරා කෑමක්. ලොකුම අවාසනාව තමයි ඒ නරක ආදර්ශය ළමුන් පවා වැලද ගැනීම .