(ඩී.ජී.සුගතපාල සහ චන්ද්‍රසේන ගමගේ)
වෙඩි වැදීමෙන් තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන් මහතා අද(22) අලුයම මියගොස් ඇත.
ඒ මහතා පසුගිය 20වැනි දින උදෑසන පල්ලත්තර පිහිටි සිය නිවසේ කාමරයක් තුළ වෙඩි වැදි තුවාල ලබා සිටියදී තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි.
අමරකෝන් මහතා 44 හැවිරිදි දෙදරු පියෙකි.
ගාල්ල මහේස්ත්‍රාත්වරයා අද කරාපිටිය රෝහලට ගොස් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය සියදිවි නසාගැනීමක් කිව්වට, බිරිදගෙන් හා පවුලේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කල යුතුයි
මරණයට හේතුව අභිරහසක් බව පේනවා …. යථා කාලයේ එය හෙළිවේවි…. මියගිය තරුණ මන්ත්‍රීවරයාට නිවන් සැප ලැබේවා !
තාම දියවන්නාවේ කවුරුවත් කාලාක්‍රියා කලේ නැහැනේ. මම මේ උදේ, හවස ඒ සුබ ආරංචිය බලාපොරොත්තුවෙන් ඉන්නේ.. හැබැයි එකෙක්ගෙන් පටන්ගත්තාම පෝලිමටම යාවි... අපේ රට කිරියෙන්, පැණියෙන් ඉතිරිලා යාවි...
විජිත් මලයෝ, දෙයියන්ගේ පිහිටෙන් එහෙමවත් යමක් වෙනවා නම් ඒක අපේ රටට ලොකු ශාන්තියක් වේවි!