හිස්බුල්ලාට සෞදියෙන් කෝටි 300 ක් ආවේ කොහොමද නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ඒ.එම්.එල්. හිස්බුල්ලා මහතාගේ බැටික්ලෝ කැම්පස් ආයතනයට (Batticaloa Campus (Pvt) Ltd) සෞදි අරාබියෙන් රුපියල් කෝටි තුන් සියයකට 24 June 2019
රටට සෙත්පතා රන්වැලි සෑය අබියස පිංකමක් රටේ සියලු දෙනා ධාර්මිකව කටයුතු කරන තාක් කල් මේ රට ජාතිය සතුරු උවදුරුවලින් විපත්වලින් බේරා ගැනීමට හැකිවනු ඇතැයි රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියෝ කීහ. 23 June 2019
ජනපතිත්-අගමැතිත් විශේෂ කාරක සභාවට කැඳවන්න තීරණයක් පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැඳවීමට එම කාරක සභාව තීන්දු කර තිබේ. 23 June 2019
ජනපතිවරණයට ඇරයුම් ලැබුණු බව රාජිත කියයි ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේනමක් තමාට ආරාධනා කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 23 June 2019
දිය සිඳුණු වැව්වල කොක්කු බක තපස් රකිති වියළි කාලගුණ තත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජලාශ සහ කුඩා වැව් 1000කට ආසන්න ප්‍රමාණයක ජල මට්ටම සීඝ්රයෙන් පහත බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව හා පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. 23 June 2019
වෛරී ප්‍රකාශ නවත්වන්න ෆේස්බුක් ආයතනයේ වෙනම ඒකකයක් වෛරී ප්‍රකාශ හා පණිවිඩ හුවමාරු කිරීම වැළැක්වීමට ෆේස්බුක් ආයතනයේ වෙනම ඒකකයක් පිහිටුවා ඇතැයි ද ඒ බව සිය සංගමයට දන්වා සිටියේ යැයි ද ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා පැවසීය. 23 June 2019
‘වතුකරේ දෙමළ ජනයාගේ සහය රණසිංහ ප්‍රේමදාසගේ උරුමකරුවාටයි’ මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනයාගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙකුට ලබාදෙන බව විශේෂ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා අද(23) පැවැසීය. 23 June 2019
‘19වැනි සංශෝධනයට අත් එසැවූ සියල්ලන් වැරදිකාරයෝ’ විධායක ජනාධිපති ධුරය නිසියාකාරව පවත්වාගෙන යෑම හෝ එය අහෝසි කර පාර්ලිමේන්තු ක්‍රමයකට යෑම ගැන මීළඟ මැතිවරණවලදී දේශපාලන පක්ෂ නිශ්චිත තීන්දුවක් ගත යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 23 June 2019
ඉන්ද්‍රාණි සේනාරත්න සමුගනී දශක ගණනාවක් දෙස් විදෙස් සංගීත රසිකයින්ගේ ජනාදරයට පත්ව සිට ගුවන් විදුලි හා චිත්‍රපට ප්‍රවීණ ගායන ශිල්පීනි ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය කොළඹ ජාතික රෝහලේ දී අද (23) සවස අභවප්‍රාප්ත වුවාය. 23 June 2019
‘යහපත් රටක් හදන්න 18 -19 සංශෝධන අවලංගු කළ යුතුයි’ රට යහපත් රටක් ලෙස ගොඩනැගීම සඳහා 18 වන සංශෝධනයත් 19 වන සංශෝධනයත් යන දෙකම අවලංගු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පැවැසීය. 23 June 2019
ගුරුවරයකුගේ අපයෝජන සිද්ධිය යටගැසුවාට විදුහල්පතිගේ සේවය අත්හිටුවයි යාපනය පේදුරුතුඩුව පාසලක ශිෂ්‍යාවක අපයෝජනය කළ ගුරුවරයෙකු පිළිබඳ පැමිණිල්ලක් යටගැසීමට උත්සාහ කළේ කියන විදුහල්පතිවරයෙකුගේ සේවය අත්හිටුවීමට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පළාත් අධ්‍යාපන ලේකම් සී.සත්‍යසීලන් මහතා වෙත නියෝග කර ඇත. 23 June 2019
බදුල්ලේ පාසලක අභ්‍යන්තර ලිපිගොනු බලෙන් රැගෙන යයි අධීක්ෂණ රාජකාරි සඳහා බදුල්ල ෆාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලයට පැමිණ ඇති බදුල්ල අධ්‍යාපන කලාපයේ අධ්යක්ෂවරියක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම විද්‍යාලයේ පෞද්ගලික හා අභ්‍යන්තර ලිපිගොනු තොගයක් රැගෙන ගොස් තිබේ. 23 June 2019
වැලිකන්ද කරපොළ විල්ලුවට හානි කළ අයෙකු අත්අඩංගුවට පොළොන්නරුව වැලිකන්ද කරපොළ විල්ලුව ආශ්රිත භූමියෙන් අක්කර 50ක පමණ කොටසක් බැකෝ යන්ත්‍ර යොදා විනාශ කළේ යැයි කියන පුද්ගලයකු බැකෝ යන්ත්‍රයක් සමඟ අද(23) වැලිකන්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 23 June 2019
ඉල්ලීම් නොලැබුණොත් සෑම සිකුරාදාවකම දුම්රිය වර්ජනයක් තම ඉල්ලීම්වලට සාධාරණයක් ඉටුවනතුරු ලබන 28 වැනිදා සිට සෑම සිකුරාදාවකම පැය 24ක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය. 23 June 2019
කිරින්ද මුහුදේ ගිලී පියා - දියණියන් දෙදෙනා මරුට : මව රෝහලේ කිරින්ද මුහුදේ දියනාමින් සිටි පියකු සහ දියණියන් දෙදෙනෙකු අද(23) මුහුදු රළකට හසුව මියගොස් ඇතැයිද, මව රෝහල්ගත කර ඇතැයිද කිරින්ද පොලිසිය කියයි. 23 June 2019
ආනන්ද සංගරී දෙදෙනකු දොට්ට දමයි පක්ෂ විරෝධී ක්‍රියාවන් සහ දූෂණ වංචා චෝදනා මත ද්‍රවිඩ එක්සත් පෙරමුණ නියෝජනය කරන කල්මුණේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ සහ මන්ත්‍රීවරයකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ. 23 June 2019
බොරු සංඛ්‍යා ලේඛනවලින් ආධාර නැතිව ණයගන්න සිදුවෙලා මේ රටේ දුප්පත්කමේ ප්‍රතිශතය 6%ක් හෝ 7%ක් මට්ටමක තියනවා කියා සංඛ්‍යා ලේඛන ජිල්මාට් එකක් පසුගිය රජය ක්‍රියාත්මක කළ නිසා අද අපේ රටට අධාර උපකාර කිරීම නතර වී ගිනි පොළියට ණය ලබා ගැනීමට සිදුවී ඇති බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා (22) හම්බන්තොටදී කීය. 22 June 2019
ජනපතිවරණයට එජාපයේ එකම අපේක්ෂකයා සජිත් පමණයි ඉදිරි ජනාධිපතිවරණයේදී මේ රටේ සියඵම ජාතින්වල, සියඵම ආගම්වල, වෙනත් පක්ෂවල සහායද ලබාගෙන ජයග්‍රහණය කළ හැකි එක්සත් ජාතික පක්ෂයට සිටින එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද (22) කුරුණෑගලදී ප්‍රකාශ කළේය. 22 June 2019
වයඹ පළාත් ගුරුසේවා තරග විභාගය අධිකරණ නියෝගයක් මත අත්හිටුවයි වයඹ පළාත් ගුරු සේවයට ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරින් බඳවා ගැනීම සඳහා අද (22) දින කුරුණෑගලදී පැවැත්වීමට සූදානම් කර තිබූ තරග විභාගය අධිකරණ නියෝගයක් මත අත්හිටුවීමට සිදුවූ බව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ප්‍රකාශ කළේය. 22 June 2019
ශ්‍රී ලංකාවට ලකුණු 20 ක ජයක් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (21 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 20 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 21 June 2019
පොලිස් ලොක්කන් කිහිප දෙනකුට ස්ථාන මාරු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව මූලික පරීක්ෂණයක් සිදු කිරීම සඳහා සේවයේ අවශ්‍යතාවය මත සිදු කරනු ලබන ස්ථාන මාරු කිරීම් වලට අදාල අනුප්‍රාප්තික නිලධාරින් වන උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ. 21 June 2019
දුම්රියන් කිහිපයක් ධාවනය කිරීමෙන් පසු කොටුව දුම්රිය ස්ථානය වසා දැමේ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය පස්වරු 6.45 වන විට සම්පුර්ණයෙන්ම වසා දැමිණ. 21 June 2019
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්ට ඇප පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් චමිල් ඉන්දික ජයසිංහ ඇප මත මුදා හැරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති වෙලේකුඹුර මහතා අද (21) නියෝග කළේය. 21 June 2019
පොලිස් ලොක්කන් 9 දෙනකු ගැන සොයන්න සී.අයි.ඩීයට නියෝග ‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක්‍රියා නොකිරීම පිළිබඳව උසස් පොලිස් නිලධාරීන් නවදෙනකුට අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට නීතීපතිවරයා යොමු කළ දැනුම් දීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා වැඩබලන පොලිස්පති අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 21 June 2019
කල්මුණේ ජනතාවගේ හූ හඬ මැද දයා ගමගේ - සුමන්දිරන් පිටව යති කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උසස් කරදෙන ලෙස ඉල්ලා පැවැත්වෙන උපවාසය පස්වැනි දිනටත් පැවැත්වුණ අතර එම ස්ථානයට පැමිණි ප්‍රාථමික කර්මාන්ත සමාජ සවි බල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් මහතාට ජනතාව විරෝධය දැක්වූහ. 21 June 2019
තිස්සමහාරාමේදී මියගිය දරුවාගේ මරණයට හේතුව රාජිත කියයි තිස්සමහාරාම මැදිගම්විල ප්‍රදේශයේදී මියගිය දරුවාගේ මරණයට හේතුව මන්ද පෝෂණ තත්ත්වයට එහාගිය සමාජ හා ආර්ථික ගැටළු රාශියක් යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය. 21 June 2019
කතානායකගේ උපදේශකවරයා ඇමෙරිකාවේ තානාපති ලෙස පත් කළේ පසුගිය ආණ්ඩුවෙන් කතානායකවරයාගේ ජාත්‍යන්තර උපදේශක තනතුරට පත්කර ගෙන තිබෙන හිටපු විදේශ ලේකම් ප්‍රදීප් කාරියවසම් මහතා ඇමෙරිකාවේ තානාපති ලෙස පත් කළේ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙන් මිස වත්මන් ආණ්ඩුවෙන් නොවේ යැයි ආග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය. 21 June 2019
ශ්‍රී ලංකාව කඩුලු 9 ට 232 යි ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (21 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 232 ක් ලබාගත්තේය. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85 ක් ලබාගත්තේය. 21 June 2019
ජමාත් කල්ලි තුන තහනම් කරන්න පාර්ලිමේන්තුවෙත් අනුමැතිය ජාතික තව්හීත් ජමාත් සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් හා මිලයාතේ සෙයිලානි යන සංවිධාන තුන මෙරට තහනම් කිරීම පාර්ලිමේන්තුව අද (21) අනුමත කළේය. 21 June 2019
ෂාෆිගේ සිද්ධියට කුරුණෑගල උප පොලිස්පතිගෙන් පැය 8 ක් ප්රකාශගනී කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඩ් ෂාෆි මහතාගේ සිද්ධියට අදාළව කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 8ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අද (21) පැවසීය. 21 June 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026