(සනත් ගමගේ)
මේ රටේ දුප්පත්කමේ ප්‍රතිශතය 6%ක් හෝ 7%ක් මට්ටමක තියනවා කියා සංඛ්‍යා ලේඛන ජිල්මාට් එකක් පසුගිය රජය ක්‍රියාත්මක කළ නිසා අද අපේ රටට අධාර උපකාර කිරීම නතර වී ගිනි පොළියට ණය ලබා ගැනීමට සිදුවී ඇති බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා (22) හම්බන්තොටදී කීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභින්ට සමෘද්ධිය ලබාදීම සඳහා පැවැති උත්සවයේ දී සජිත් ප්‍රේමදාස මහතා එසේ කීය.
‘‘සමෘද්ධිය ලබන පවුල් ලක්ෂ 14 ක් දැනට සිටිනවා. රටේ සමස්ථ පවුල් සංඛ්‍යාවෙන් එය 27%ක් පමණ වෙනවා. එසේ නම් 6%ක් 7%ක් දුප්පත්කමේ ප්‍රතිශතය වන්නේ කෙසේද? දුප්පතුන් නගා සිටුවීමට සමෘද්ධිය දෙනවා නම් දුප්පත්කමේ ප්‍රතිශතය 27%ක් බව පේනවා. එසේනම් සංඛ්‍යා ලේඛන ජිල්මාට් එකක් ගසා රට මැදි ආදායම් ලබන රටක් බව බොරුවට ලෝකයාට පෙන්වනවා‘‘ යැයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ණයගැනීම නවතා දෙපයින් සිටගතහැකි නායකයෙක් වෙන්න. ජනතාව දුක්විඳලා හරි රටගොඩගන්න ලැහැස්තියි. ණයගන්නේ මේගොල්ලන්ගේ සැපතට. අපිට ආධාරත්, ණයත් දෙකම එපා. රට තුලින් සංවර්දනය කළහැකි නායකයෙක් මේ ඡන්දෙන් පත් කරමු. දැක්මක් නැති අය ගෙදර යවමු.
ඒ රජය ගිහිල්ලා දැන් අවුරුදු හතරකටත් වඩා කල් ගිහින් නේද? එදා ඉඳන් ඔහෙලා මොනවද කලේ ඒ වරද හරිගස්සන්න?
මෙයා ජනාධිපති වෙලා හිඟා කන්න වගේ ලෑස්ති වෙන්නේ...
රටෙි ඊලග ජනාධිපති වෙන්න හීන දකින කෙනෙක්ගෙ කතාව..... තවම දුක් අදෝනා කියනවා විතරයි කිසිම දැක්මක්,අනාගත සැලැස්මක් නෑ රටෙි දියුණුව ගැන.
තව එකක් තියනවා. සමෘද්ධිය ලක්ෂ 23 ක් ගත්ත කියල, ඒක නිර්ණායකයක් කරලා රටේ දුප්පත්කම මනින්න බැහැ. මොකද බොහෝ පිරිසක් දේශපාලනමය වශයෙන් එය ලබා ගන්නවා. රටේ සිද්ද වෙන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති නායකයෝ.
මෙම තත්වයට හොඳම දෙය නම් උගතෙක් බුද්ධිමතෙක් මෙන්ම රට සංවර්ධනය සඳහා ඉදිරි දැක්මක් සහිත අයෙක් ජනපති කරවීමය.ගෙවල් සදා දුන්නාටවත් සමෘද්ධිය දුන්නාටවත් රට සංවර්ධනය නොවේ.1994 සිටම සමෘද්ධිය දුන්නාට මෙතෙක් සමෘද්ධිමත්වූ කිසිවෙක් නැහැනේද.සමෘද්ධිමත් වුනොත් ආධාර කපන නිසා කිසිවෙකුත් දියුණුවෙන්න බලන්නේ නැහැ.
රටේ ආදායම් තත්ත්වය මනින්නේ සමෘද්ධි ආධාරයෙන් පමණක් නෙවෙයි රටේ සියලුම දෙනාගේ ආදායමෙන් බව මෙතුමා දන්නවා ඇති කියලා හිතනවා. අනික ඇයි අපි මේ විදිහට කාගෙන් හරි හිඟාකාලා ජීවත්වෙන මානසික තත්ත්වයක ඉන්න හදන්නේ. රටක නායකයෙකු වෙන්න බලාගෙන ඉන්න දේශපාලකයෙකුට ඔය දර්ශනය උචිත නැත.
ඔබතුමා තාම බොරු කියන්නේ. සමෘද්ධිය ලබන පවුල් ලක්ෂ 14 ක් දැනට සමෘද්ධිය දීලා කියන්නේ කොහොමද? මගේ ගමේ මේ ගිය සතියේ සමෘද්ධිය දුන්නා අලුතින් . ඒ සමෘද්ධිය දුන්න කිසිම කෙනෙක් සමෘද්ධිය ලබා දෙන්න සුදුසු ය නොවේ. ඉඩකඩම් ගෙවල්..ත්‍රීවීල් තියෙන අයට දුන්නේ. ඒක නිසා තමා රටේ දුප්පත්කමේ ප්‍රතිශතය වැඩි වෙලා කියල තියෙන්නේ.
සමෘද්ධිය මේ රටේ තහනම් කරන නායකයෙක් බිහි විය යුතුයි ..විය යුත්තේ දෙපයින් නැගිටිණ ජාතියක් බිහි කිරීම විනා මිනිස්සු හිඟන්නෝ ගානට දාලා සොච්චමක් ලබා දීලා මහ ලොකු උත්සව තියලා පම්පෝරි ගහන මෝඩයො ජනාධිපති කරවීම නෙමෙයි ..හැමෝටම රටේ සංවර්ධනය බෙදී යන ආර්ථිකයක් ආවානම් මිනිස්සු තමන්ගේ ස්ව ශක්තියෙන් ඉස්සරහට එයි. කිසිම දැක්මක් තියෙන මනුස්සයෙක් නෙමෙයි ..මෙයා ජනාධිපති වුනොත් කොට මන්ත්‍රීවරු ඔක්කොටම ඇමැතිකම් ෂුවර්
මෙයාලට දැක්මක් තියනවනම් සමෘද්ධිය නවතා වගාකල හැකි ඉඩමක් හා පොහොර සහනදාරයක් වසර පහකට දී ඒ පවුල සදාකාලික දියුණු කර රටට බර නැති ජාතික අදායම වැඩිකළ හැක. වසර පහ තුල සංවර්ධනය කල නැතිනම් සමෘද්ධියත් නැහැ ඉඩමත් නැහැ.
මෙතුමාගේ බොරු කතාවක්
මෙයා ගෙවල් දෙන්නේ එයාගේ පෝස්ටර් ගහන්න කොන්ත්‍රාත් ගත්ත මුදලාලිලාට විතරයි. දුප්පත් මිනිසුන්ට ගෙවල් දීලා නෑ.. මුදලාලිලා ගෙවල් කුලියට දෙනවා..
මෙයා දැන්මම ඡන්ද වැඩට බැහැල වගේ. මට නම් හිතෙන්නේ ඕව 'කොණ්ඩේ බැදපු චීන්නුන්ට'කිවුවොත් තම හොද.
සමෘධිය චන්ද්‍රිකා ජනපතිනියගේ කාලේ අපේ අප්පච්චිටත් ලැබුණා. අප්පච්චි, අම්මා සහ ළමයි හතරයි අපේ පවුලේ... පස්සේ අපි ගම්මිරිස් වගාවට යොමුවෙලා සාමාන්‍ය ආදායමක් ලබාගෙන කාලා බීලා හොඳට හිටියා.. පසුව සමෘධියත් ඕන වුනේ නැහැ. දැන් ගම්මිරිස් වගාව පාඩුයි. මේ ආණ්ඩුවේ අය කරපු ගම්මිරිස් ජාවාරම නිසා.. මේ ගමන ආයෙත් අපිට සමෘධිය ලැබුණා..
ණය ගන්න වෙලා තියෙන්නේ අපේ ලොක්කා මහා බැංකු වංචාව සිද්ධ කරපු නිසා කියලා වත් කිව්වා නම් තව අපිට පිළිගන්නවත් තිබුණා. මේ කියන්නේ මහා බහු බුතනේ?
රනිල් වික්‍රමසිංහට කඩේ යන්න පටන් ගත්තට රනිල් තවරාගත්ත කුණු කන්දරාව කවදාවත්ම හෝදන්න බැහැ...
සජිත් උන්නැහේ ඔහේ මොකක්ද ඔය කරන්න හදන්නේ? අපි දුප්පත් අපි දුප්පත් කිය කියා ලෝක හිඟමනේ යාම නේද? හලෝ දුප්පත් කියන රටේ දුප්පත් මිනිහගේ බදුමුදලින් කෝටි ගණන්වල කාර් ගෙන්වන විට ඒ රටවල මිනිසුන් මොනවද හිතන්නේ? අර 62ටම ඔයටික කියනවා හලෝ.