නීති විභාග ක්‍රමවේදයේ වෙනස ගැන සිසුහු අගවිනිසුරුට ලියති නීති විද්‍යාලයේ මෙතෙක් කලක් විභාග පැවැත් වූ ක්‍රමවේදය වෙනස් කිරීමෙන් සිසුන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව කියමින් ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාට ලිපියක් යොමුකර ඇත. 20 June 2019
අද මැදියම් රෑ සිට දුම්රිය වර්ජනයක් දුම්රිය රියදුරන්, නියාමකවරුන් සහ පාලකවරුන් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නියැළෙන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. 20 June 2019
පරිසර අධිකාරියේ සභාපති පුටුව ඉසුරට මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බස්නාහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පත්කරනු ලැබ ඇත. 20 June 2019
රහස් පොලිසියේ පෙනී සිටින්නැයි රවීට-බිරියට නියෝග බැඳුම්කර කොමිසම හමුවේ බොරු සාක්කි ලබාදීම සම්බන්ධයෙන් ජූලි මස 7 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්වේ මූල්‍ය විමර්ශන ඒකක දෙක හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඇමැති කරුණානායක මහතාට සහ ඔහුගේ බිරිය මෙලරින් හිරන්ති කරුණානායක මහත්මියට අද (20) නියෝග කළාය. 20 June 2019
පවුල් සෞඛ්‍ය සේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක් දේශපාලනඥයින් තවදුරටත් සෞඛ්‍ය නිලධාරිනියට චෝදනා කරන්නේ නම් ලබන සඳුදා සිට දිවයිනේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය අද(20) හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී පැවසුවාය. 20 June 2019
බැඳුම්කර සිද්ධියට නඩු පවරන කාලය නීතිපති දැනුම් දෙයි බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මහ බංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු 10 දෙනකුට එරෙහිව ජූලි පළමු වැනි දා සිට 14 දක්වා අතර කාලසීමාව තුළදී විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය. 20 June 2019
උතුරු ආණ්ඩුකාරවරයාගේ ඇරයුම ආවා කල්ලිය ප්‍රතික්ෂේප කරයි තම අනන්‍යතාවය හෙළිකර ගැනීමේ හැකියාවක් නොමැති හෙයින් ඇරයුම පිළිගනිමින් සාකච්ඡාවකට පැමිණිය නොහැකි බවට ආවා කල්ලිය උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රාගවන් මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. 20 June 2019
හෝර්ටන්තැන්නේ ශාක ගැලවූ තිදෙනෙකුට ලක්ෂ 4ක දඩයක් හෝර්ටන් තැන්නේ ජාතික වනඋද්‍යානයට අයත් පේර කලාපය තුළදී දේශීය ශාක සහ ලයිකන වර්ග ගණනාවක් ද අනවසරයෙන් ගැලවූ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු ඇතුළු තිදෙනෙකුට නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද(20) රුපියල් හාරලක්ෂ විසිදහසක දඩ මුදලක් නියම කළේය. 20 June 2019
පැලවත්ත-සෙවණගල කම්හල් පනතින් ඉවත් කරන්නැයි කියයි රජයට පවරාගෙන ඇති ආයතන කිහිපයක් භාණ්ඩාගාර ලේකම්වරයා යටතට පවරාගැනීම සඳහා ගෙන ආ ඌන ක්‍රියාකාරී ව්‍යවසාය හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ (ඉවත් කිරීමේ) පනතින් පැලවත්ත සහ සෙවණගල කර්මාන්තශාලාවල නම් ඉවත් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 June 2019
සැකකාරියකට පහරදුන් බන්ධනාගාර නිලධාරිනියන් දෙදෙනාට ඇප වැලිකඩ කාන්තා සිර අංශයේ රඳවා සිටි සැකකාරියෙකුට පහරදුන්නැයි කියන සිද්ධියකට අදාළ බන්ධනාගාර නිලධාරිනියන් දෙදෙනෙකුට, එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 20 June 2019
‘හදිසි නීතිය දීර්ඝ කරන්නේ අවසන් වතාවටයි’ හදිසි නීතිය දීර්ඝ කිරීම මේ අවස්ථාවේ සිදුවන්නේ අවසන් වතාවට යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. 20 June 2019
රෝහලේ නැවතී සිටි දරුවකුගේ අතබැඳි පවුම් තුනක අත් පළඳනාව ගලවාගෙන අක්කරපත්තුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවකුගේ අත බැඳි පවුම් තුනක් වටිනා අත් පළඳනාවක් සොරාගත් සිද්ධියක් සම්බන්ධව සැකපිට කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයකු පෙරේදා (18) අත්අඩංගුවට ගත් බව අක්කරපත්තුව පොලිසිය පවසයි. 20 June 2019
මන්ද පෝෂණ දරුවාගේ පියා සහනාධාර එපා කියලා තිස්සමහාරාමයේ බඩගින්නෙන් මියගිය දරුවාගේ පවුලට රජයෙන් ලබා දිය යුතු හැම ආධාරයක්ම ලබා දීමට නිලධාරීන් ක්‍රියා කර ඇතත්, දරුවාගේ පියා ඒවා ප්‍රතික්ෂේප කර ඇති බව සිදු කරන ලද පරීක්ෂණයෙන් හෙළි වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පැවසීය. 20 June 2019
ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති රවීගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි රත්ගම, රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් පුළුස්සා ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව දකුණු පළාත බාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (19) පැය 7කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මූලස්ථානය කියයි. 20 June 2019
ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථාවේ හිටපු සභාපතිට නඩු ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එස්.කේ.මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට එරෙහිව අද (20) අල්ලස් කොමිසම කොළඹ විශේෂ මහාධිකරණ අංක 1හි නඩු පවරනු ලැබීය. 20 June 2019
ලක්ෂ 20 ක ගංජා ගෙන ගිය අයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ ග්‍රෑම් 68 ක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (20) තණමල්විල කහකුරුල්ලන්පැලැස්ස දී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 June 2019
පාර්ලිමේන්තු පාර තාවකාලිකව වසා දැමේ උක් ගොවීන් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අසළින් පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ගය අද(20) තාවකාලිකව වසා දමා ඇත. 20 June 2019
රජයේ සේවකයින්ට වැටුප් වැඩිවීමක් සියලුම රජයේ සේවකයින්ට ජූලි මස 01 වැනිදින සිට මසකට රුපියල් 2500 ක අන්තර් දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 19 June 2019
ශක්තිමත් ආණ්ඩුවක් තිබුණානම් ලක්ෂ 6ක ජනතාවකට සමෘද්ධිය දෙන්න බැරි වුණේ ඇයි වසර 21 ක් තිස්සේ රටට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දුන්නා යැයි අපේ විරුද්ධ වාදීන් පවසනවා. දැන් රටට ආණ්ඩුවක් නැතැයිද ඔවුන් කියනවා. ඔච්චර ශක්තිමත් ආණ්ඩුවක් තිබුණානම් සුදුසුකම් ඇති ලක්ෂ හයක ජනතාව සඳහා සමෘද්ධිය දෙන්නට නොහැකි වුයේ ඇයි දැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගමදී අද (19) ප්‍රශ්න කළේය. 19 June 2019
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් අධිකරණ ඇමැතිනියට ලිපියක් ජනමාධ්‍ය නිදහසට බරපතල තර්ජනයක් එල්ල විය හැකි යැයි පවසමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මියට ලිපියක් යොමුකර ඇත. 19 June 2019
ආණ්ඩුවට සහය දක්වන ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 5 කට ආසන සංවිධායක ධූර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට ආසන සංවිධායක ධූර ලබා දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (19) තීරණය කර තිබේ. 19 June 2019
ඉංජිනේරු ශිෂ්‍යාවකගෙන් මෘදුකාංගයක් පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන් සිදුකළ හැකි පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන චතුරංගී එදුසූරිය නැමැති ශිෂ්‍යාව සමත්ව තිබේ. 19 June 2019
ජනාධිපතිවරණයේදී ගෞරවණීය තීන්දුවකට එළැඹෙනවා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් නොවන සහ කිසිවෙකු අසීරු තාවකට පත් නොවන ගෞරවණීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ මූලස්ථානයේ අද (19) පැවැති හමුවකදී ප්‍රකාශ කළේය. 19 June 2019
ඇමතිවරයාගේ තීරණයට අධිකරණයෙන් බාධා නොකරයි වසර ගණනාවක් චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු කළ පෞද්ගලික සිනමා මණ්ඩලවලින් චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවට පවරාදීමට විෂයබාර ඇමතිවරයා ගෙන තිබූ තීරණයට එරෙහිව ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කර තිබූ ඉල්ලීමක් කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කළාය. පෞද්ගලික සිනමා මණ්ඩල හතරක් විසින් මෙම ඉල්ලීම කරනු ලැබ තිබිණ. 19 June 2019
වෛද්‍ය ෂාෆිට එරෙහිව සීඅයිඩීය 758කගෙන් ප්‍රකාශ ගනී කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් සිදුකරන විමර්ශනවලට අදාළව මේ වනවිට පුද්ගලයින් 758 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය. 19 June 2019
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කිකරුවෙකුට බලපෑම් කළ අයෙකුට සිතාසි වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා හා දූෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කිකරුවෙකුට එරෙහිව බලපෑම් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිලෝන් පෙට්ට්‍රොලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ් ආයතනයේ නීති නිලධාරියෙකුට අනිද්දා (21) එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් අද (19) සිතාසි නිකුත් කරනු ලැබ ඇත. 19 June 2019
මැනිං වෙළඳපොළ ලබන වසරේදී පෑලියගොඩට මැනිං වෙළඳපොළ ලබන වසරේදී පෑලියගොඩ නගරයට ගෙන යන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(19) පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 June 2019
‘ශිෂ්‍යත්වය - සා. පෙළ විභාග ප්රතිඵලවලදී ශ්‍රේණි ලබාදෙන්නේ නැහැ’ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබාදීමේදී ලකුණු ලබා දෙන නමුත් ලකුණු පදනම් කර ගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 19 June 2019
‘සෞඛ්‍ය සේවිකාවගෙන් වරදක් වී නැහැ’ ‘පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටුකර තිබෙනවා. ඇය අතින් කිසිදු වරදක් සිදු වී නැහැ. මේ දරුවා මියගිහින් තිබෙන්නේ, මව්පියන් ඒ දරුවා පිළිබඳව දැක්වූ අඩු සැලකිල්ල නිසා’ යැයි හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ මහත්මිය පැවසුවාය. 19 June 2019
‘මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත යළි ඇමතිධුරය බාරගත්තා’ මහනායක හිමිවරුන්ගෙන් සහ ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් පක්ෂ නායකත්වයේ එකඟතාවය මත යළි අමාත්‍යංශ බාරගැනීමට තීරණය කළ බව තැපැල් සේවා, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා ලංකාදීපයට පැවැසීය. 19 June 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026