සරසවි සිසුවියට පිහියෙන් ඇන තුවාල කළ තරුණයාට ඇප කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට පිහියකින් ඇන ඝාතනයට තැත්කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ඇප මත මුදාහැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද(18) නියම කළේය. 18 June 2019
‘ජනතාව නොමඟ යැවීම ජනමත විචාරණයේ බලාපොරොත්තුවයි’ ජනමත විචාරණයකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකිවන බවට ජනතාව නොමඟ යැවීම ජනමත විචාරණයේ එකම අරමුණ බව මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා කීය. 18 June 2019
පාර්ලිමේන්තුවට ගෙන ආ පරිපූරක ඇස්තමේන්තුව ඉවත් කරගනී විපක්ෂනායකවරයාට වාහනයක් ලබාගැනීම, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නිල නිවස නවීකරණයට අදාළ හිඟ බිල්පත් නිරවුල් කිරීම ආදිය වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන ලබාගැනීම සඳහා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවට අද (18) ඉදිරිපත් කළ රුපියල් මිලියන 57,546ක පරිපූරක ඇස්තමේන්තුව ඉවත් කරගන්නා බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 18 June 2019
ගෝඨාගේ ප්රතිශෝධන-රීට් පෙත්සම් ගාස්තු රහිතව නිශ්ප්‍රභ වෙයි තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාව එම අධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රතිශෝධන පෙත්සම සහ අභියාචන රීට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (18) තීන්දු කළේය. 18 June 2019
‘පැලවත්ත-සෙවණගල සීනි කම්හල් දයා ගමගේට පැවරීමේ සූදානමක්’ පැලවත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලා යළි අමාත්‍ය දයා ගමගේ මහතාට පැවරීමේ සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹදී පැවැසීය. 18 June 2019
‘ගවරා වඳ වුණත් ගවර දේශපාලනය වඳ වෙලා නැහැ’ ‘ගවරා වඳ වී ගියත්, ගවර දේශපාලනය වඳ වී නැතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 18 June 2019
‘විෂම භාග’ ෂැංහයි සිනමා උළෙලේදී සම්මාන 2කට නිර්දේශ කෙරේ චීනයේ 22වන වරටත් පැවැත්වෙන ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ (SIFF) ’ඒෂියා නිව් ටැලන්ට් අවෝඩ්’ සිනමා සම්මානය සඳහා හොඳම නළුවා සහ හොඳම තිරරචනය යන සම්මාන ද්වයට ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘විෂම භාග’ (The Other Half) සිනමාපටය නිර්දේශ වී තිබේ. 18 June 2019
හෝමාගම ප්‍රා.සබේ උණුසුම් වෙයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කමල් චන්දන මහතාට පසුගියදා එල්ලවූ මැර ප්‍රහාරය හේතුවෙන් ආරක්ෂාව ඉල්ලා මන්ත්‍රීවරයා අද (18) පැවති මහා සභා රැස්වීමේදී ප්‍රකාශයක් කිරීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේපවීම නිසා සභාව උණුසුම් තත්වයක් ඇති විය. 18 June 2019
ජූලම්පිටිය අමරේ චූදිතයා වූ කටුවන ද්විත්ව ඝාතනයේ සාක්ෂි විභාගය අවසන් කටුවන හැඩිවත්ත ප්‍රදේශයේදී පවත්වනු ලැබූ ප්‍රාදේශීය ජනහමුවකට වෙඩි තබා ජනහමුවට සහභාගී සිටි දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අද(17) තංගල්ල මහාධිකරණයේ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඉදිරියේ විභාගයට ගැණුනු අතර නඩුවට අදාළ සාක්ෂි විමසීම අද(17) දින අවසන් කළේය. 17 June 2019
තන්තිරිමලේ පුදබිම තෙවන දිනයේත් ඒකාලෝක වෙයි සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් 16 වන වරටත් ඓතිහාසික තන්තිරිමලේ රාජ මහා විහාරස්ථානයේ පැවති පොසොන් ආලෝක පහන් පූජාවෙන් අද(17) ද විහාරභූමිය ඒකාලෝක විය. 17 June 2019
සිඟමනෙන් ලැබූ මුදලින් යාචකයෙක් දන්සැලක් දෙයි මාතර නගරයේ දිනපතා සිඟමනේ යෙදී රැස්කරගත් මුදල් වියදම් කළ යාචකයෙකු මහජනතාවට පොසොන් පොහොය වෙනුවෙන් කේක් සහ බෙලිමල් දන්සලක් අද (17) පවත්වා ඇත. 17 June 2019
රතන හිමියෝ ෂරියා විශ්වවිද්‍යාලයේ තොරතුරු ඉල්ලති මඩකලපුවේ ඉදිකෙරෙන පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අද (17) ගොස් ලිපියක් භාරදුන්හ. 17 June 2019
පළාත් මැතිවරණය ඉල්ලූ පෙත්සම විභාගයට දින නියමකෙරේ කල් තබා ඇති සියලු පළාත් සභා මැතිවරණය වහාම පැවත්වීමට අදාළ පියවර ගැනීමට මැතිවරණ කොමිසමට නියෝගය කරන රීට් ආච්ඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය. 17 June 2019
ගෝඨාගේ අභියාචනයට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලයි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති අභියාචන පෙත්සම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගත යුතු බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද(17) ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය. 17 June 2019
ලක්ෂ 20කට පුද්ගල ඝාතනයක් සැලසුම් කළ දෙදෙනෙකු අල්ලයි රුපියල් ලක්ෂ විස්සකට උණවටුන ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබාගෙන සිටි කාන්තාවක සහ ඝාතනයට සූදානම්ව සිටි පුද්ගලයකු ගාල්ල පොලිසිය විසින් අද(17) අත්අඩංගුවට ගෙන තිබේ. 17 June 2019
පොසොන් ජාතික උත්සවයක් කිරීමට යයි පොසොන් උත්සවය ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. 17 June 2019
වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි දහස ඉක්මවයි වඳ සැත්කම් කළැයි චෝදනා ලැබ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ෂාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව අද (17) 1,000 ඉක්මවා ගිය බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය. 17 June 2019
බැංකු සේවක සංගම් 19ක් වර්ජනයකට සැරසේ විශ්‍රාම වැටුප් ගැටලු හා සේවක සුභසාධන ප්රතිලාභ මත බදු අයකිරීම යන ගැටලු මුල් කරගනිමින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සේවක සංගම් 19ක සහභාගීත්වයෙන් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා කොළඹදී පැවැසීය. 17 June 2019
අ’පුර නගර සබේ නගරාධිපති - උතුරුමැද හිටපු සභාපති ඇතුළු 4 ක් රිමාන්ඩ් අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ජුනි 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තේගම වැඩබලන මහේස්ත්‍රාත් පුෂ්පපානී වික්‍රමසිංහ මහත්මිය අද (17) නියෝග කළාය. 17 June 2019
රාවණ - 1 අද කක්ෂගත වෙයි රාවණ - 1 චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහැරීමට අද (17) කටයුතු කෙරෙන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සඳහන් කරයි. 17 June 2019
බලංගොඩ ෆේස්බුක් සාදයේ දී අත්අඩංගුවට ගත් 53 දෙනාට දඩ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක පැවැති ෆේස්බුක් සාදයක් තුළදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 53දෙනාට දඩ ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (17) නියෝග කළේය. 17 June 2019
ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ යෙදුණාට දිවි ඇති තෙක් රිමාන්ඩ් හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ, ඩුබායි සිට ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ යෙදුණු කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ ගෝලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (17) නියම කළේය. 17 June 2019
හිමි නමක් මාරාන්තික උපවාසයක කල්මුණේ ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී රන්මුතුගල සංඝරතන හිමියෝ අද (17) මාරාන්තික උපවාසයක් ඇරඹූහ. 17 June 2019
සහරාන්ගේ ගෝලයා රඳවාගෙන ප්‍රශ්නකරයි ජාතික තවුහීත් ජමාත් නායක සහරාන් සමඟ සබඳතා පැවැත්වීයැයි සැකපිට අත්අඩංගුවට ලත් මුස්ලිම් තරුණයා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් නදීරා බෝගස්දෙණිය මහත්මියගෙන් ලබාගත් රැඳවුම් නියෝගයක් මත රඳවාගෙන ප්‍රශ්න කරන බව වැලිමඩ පොලිසිය පවසයි. 17 June 2019
කටුවපිටිය ප්‍රහාරයෙන් මියගිය පිරිස ඉතාලියේදී සිහිකෙරේ පසුගිය පාස්කු ඉරිදා කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිකරමින්, තුවාල ලැබූවන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින්, අද (17) ඉතාලියේ බ්‍රේෂියා නගරයේදී දිව්‍ය පූජාවක් පැවැත්විණ. 17 June 2019
මිහින්තලේ ප්‍රා. සබේ පොහොට්ටුවේ මන්ත්‍රී අත්අඩංගුවට මිහින්තලේ පුද බිමට පිවිසෙන පිවිසුම් මාර්ගයේ දී තරුණයන් පිරිසකට අද (17) අලුයම පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කළැයි කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි. 17 June 2019
‘පළාත් සභා මැතිවරණය කල්දාන්නේ දෙවැනි පෙළට බය හින්දයි’ පළාත් සභා මැතිවරණය ප්‍රමාද කරන්නේ දැනට මහජන නියෝජිත ආයතනවල සිටින අයට දෙවැනි තැන ලැබේවි යයි සිතා බවත්, පළාත් සභා මැතිවරණය කල් දමන සැබෑ හේතුව එය බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොස්ගොඩදී පැවසිය. 17 June 2019
පාර්ලිමේන්තු කාරක සභාව අර්බුදයක දැනට රාජකාරියේ යෙදීසිටින බුද්ධි අංශ නිලධාරීන් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නොඑවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමග බුද්ධි අංශ නිලධාරීන් කැඳවීමේ ගැටලුවක් මතුවීම නිසා කාරක සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙනයෑම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙන බව එම කමිටු ආරංචිමාර්ගවලින් පැවැසේ. 17 June 2019
තන්තිරිමලේ පුදබිම දෙවැනි දිනයේත් ආලෝකවත් වෙයි සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ඓතිහාසික තන්තිරිමලේ රජමහ විහාරස්ථානය දෙවැනි දිනයටත් ආලෝකවත් විය. 16 June 2019
මිහින්තලේ ආලෝක පූජාව 57 වැනි වරටත් සංවිධානය කරන ලද මිහින්තලේ ආලෝක පූජාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) සවස විවෘත කළේය. 16 June 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026